Home News Breaking ශ්‍රී ලංකාවේ විශේෂ ආයෝජන කලාපයක් පිහිටුවීමට එකඟතාවක්

ශ්‍රී ලංකාවේ විශේෂ ආයෝජන කලාපයක් පිහිටුවීමට එකඟතාවක්

93 views

තායිලන්ත ආයෝජකයන් වෙනුවෙන් ශ්‍රී ලංකාවේ විශේෂ ආයෝජන හා කර්මාන්ත කලාපයක් පිහිටුවීමටත්, ද්විපාර්ශවික සහයෝගයෙන් සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කරලීම සඳහා එක්ව කටයුතු කිරීමටත් තායිලන්තය සහ ශ්‍රී ලංකාව එකඟත්වයකට පැමිණ තිබෙනවා.

ථෙරවාදී බුදු දහම පවතින රටවල් වශයෙන්, බෞද්ධ සංචාරකයන් වැඩි වැඩියෙන් ආකර්ශනය කර ගැනීමේ අවස්ථා පිළිබඳව ද මෙහිදී අවධාරණය යොමු කර තිබෙනවා.

මෙම එකඟතාවය ඇති කර ගනු ලැබූයේ අද (13 වන දා) පෙරවරුවේ අරලියගහ මන්දිරයේ දී තායිලන්ත අග්‍රාමාත්‍ය ප්‍රයුත් චන් ඔ චා (HE Prayut Chan-o-cha) සහ ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන අය ප්‍රමුඛ දෙරටේ නියෝජිතයින් අතර පැවැති ඉහළ පෙළේ සාකච්ඡාවලදීය.

එහිදී දෙරට අතර සබඳතා ශක්තිමත් කරලීමේ අවශ්‍යතාව ගැන ද වැඩි අවධානයක් යොමු කර තිබුණා.

ඉන්දීය සාගර කලාපයේ කේන්ද්‍රස්ථානයක් ලෙස වර්ධනය වීමේ ශ්‍රී ලංකා ඉලක්කය සම්බන්ධයෙන් ද මේ සාකච්ඡාවේ දී අවධානය යොමු කෙරුණා.

දෙරට අතර ආර්ථික, සංස්කෘතික හා සමාජයීය සබඳතා ඉදිරියට වඩ වඩාත් වර්ධනය කරලීමේ අවකාශයන් පිළිබඳව ද දෙරටේ අගමැතිවරු අදහස් හුවමාරු කර ගත්තා.

සහාය මහාචාර්ය නරප්රොන් චන් ඔ චා (Mrs. Naraporn Chan-ocha) , විදේශ අමාත්‍ය දොන් ප්‍රමුද්විනායි (Mr. Don Pramudwinai) , නියෝජ්‍ය වෙළඳ ඇමතිනී චුතිමා බුන්‍යප්‍රබසරා (Ms. Chutima Bunyapraphasara) , අග්‍රාමාත්‍ය ලේකම් ජෙනරාල් විලාස් අරූන්ශ්‍රී (General Wilas Aroonsri) තායිලන්ත පාර්ශවය නියෝජනය කරමින් මෙම අවස්ථාවට එක් වූ අතර, ශ්‍රී ලංකා පාර්ශවය නියෝජනය කරමින් මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ , විදේශ අමාත්‍ය තිලක් මාරපන, සංවර්ධන උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම, කම්කරු හා වෘත්තීය සමිති සබඳතා අමාත්‍ය රවි සමරවීර, සංවර්ධන උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළඳ නියෝජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ හා අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක යන අය මේ අවස්ථාවට සහභාගී වුණා.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site