Home News Sports ශ්‍රී ලංකාව පරාජය වුනත් නිරෝෂන්ගෙන් හා ධනුෂ්කගෙන් ලෝක වාර්තාවක්

ශ්‍රී ලංකාව පරාජය වුනත් නිරෝෂන්ගෙන් හා ධනුෂ්කගෙන් ලෝක වාර්තාවක්

SHARE

ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ අතර සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංග‍ණයේදී අද (8) පැවැති සිවුවැනි එක්දින තරගයේදී කඩුලු 4 ක පහසු ජයක් ලබාගැනීමට සිම්බාබ්වේ පිල සමත් වුණා.

මෙම ජයග්‍රහණයත් සමගින් 2-2 ක් ලෙසින් තරගාවලිය සමකිරීමට සිම්බාබ්වේ ක්‍රීඩකයෝ සමත් අද සමත් වුණා.

පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත ඕවර 50 අවසානයේදී කඩුලු 6 ක් දැවී ලකුණු 300 ක් ලබාගත්තා.

පසුව වර්ෂාවෙන් බාධා ඇතිවූ හෙයින් ඩක්වර්ත් ලුවිස් න්‍යාය අනුව ජයග්‍රහණය වෙනුවෙන් සිම්බාබ්වේ පිල ඕවර 31 කදී ලකුණු 219 ක් ලබාගත යුතු වුණා.

සාර්ථකව සිය ඉලක්කය කරා ගිය සිම්බාබ්වේ පිතිකරුවෝ පන්දු 10 ක් ඉතිරිව තිබියදී සිය ඉලක්කය සම්පුර්ණ කිරීමට සමත් වුණා.

අද (8 වැනිදා) පැවති සිවුවැනි එක්දින තරගයේදීත් පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 200 ක සම්බන්ධතාවක් ගොඩනැංවූ නිරෝෂන් දික්වැල්ල සහ ධනුෂ්ක ගුණතිලක පිට පිටම එක්දින තරග දෙකකදී ද්විත්ව ශතක සම්බන්ධතා දෙකක් ගොඩනැංවූ පළමු පිතිකරු යුගළය ලෙස ලෝක වාර්තාවක් පිහිටු වීමට සමත් වීම විශේෂ සිදුවීමක්.

එක්දින අන්තර්ජාතික තරග ආරම්භ වූ 1971 සිට එක්දින තරග වලදී ද්විත්ව ශතක සම්බන්ධතා රාශියක් පිහිටුවා ඇතත් පිට පිටම තරග දෙකකදී එකම පිතිකරු යුගළය විසින් ද්විත්ව ශතක සම්බන්ධතා දෙකක් පිහිටුවන ලද පළමු අවස්ථාව මෙයයි.

ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ අතර සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංග‍ණයේදී ඉකුත් 6 වැනිදා පැවැති තරගයේදීත් පළමු වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 229 ක සම්බන්ධතාවක් ගොඩනැංවීමට මෙම පිතිකරුවෝ දෙදෙනා සමත් වුණා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site