Home News Breaking ශ්‍රී ලංකා ගඟන නාවික තොරතුරු නිළධාරින් වැඩ වර්ජනයක

ශ්‍රී ලංකා ගඟන නාවික තොරතුරු නිළධාරින් වැඩ වර්ජනයක

500 views

ශ්‍රී ලංකා ගඟන නාවික තොරතුරු නිළධාරින් අද(01) එක්දින සංඛේත වැඩ වර්ජනයක නිරත වෙනවා.

ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් ශ්‍රී ලංකා ගඟන නාවික තොරතුරු නිළධාරින්ගේ සංගමය පෙන්වා දෙන්නේ මේ හේතුවෙන් අද ජාත්‍යන්තර ගුවන් ගමන්වල සිදුවිය හැකි ප්‍රමාදවීම් සම්බන්ධයෙන් කිසිදු වගකීමක් එම සංගමය භාර නොගන්නා බවයි.

කොළඹ ගුවන් කලාපය වෙනුවෙන් ගඟන නාවික තොරතුරු එකලස් කිරිම, සම්පාදනය කිරිම සහ ප්‍රකාශයට පත් කිරිම එම නිළධාරින්ගේ කාර්යය වනවා.

ඔවුන්ගේ වෘත්තිය ඉල්ලීම් නොසලකා හැරිම සහ එම අංශයට අදාළ ජාත්‍යන්තර සමුළුවකට වෙනත් අංශයක නිළධාරියෙකු යොමු කිරිම වර්ජනයට ආසන්නතම හේතුව වී තිබෙනවා.

මේ අතර අද සිට අතිකාල සේවාවලින් සහ සති අන්තයේ සේවා මුරවලින් ඉවත්විමේ වෘත්තිය ක්‍රියාමාර්ගවල නිරත වන බව ජල සම්පාදන හා ජලාපවහන සේවක සංගමය පවසනවා.

එහි කැදවුම්කරු ඉංජිනේරු උපාලි රත්නායක මේ බව ප්‍රකාශ කලා.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site