Home News Breaking ” ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පක්ෂ ප්‍රජාතන්ත්‍රවාදය උපරිම ලෙස පවතිනවා ” –...

” ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පක්ෂ ප්‍රජාතන්ත්‍රවාදය උපරිම ලෙස පවතිනවා ” – රංජිත් සියඹලාපිටිය

204 views

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පක්ෂ ප්‍රජාතන්ත්‍රවාදය උපරිම ලෙස පවතින බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

ඔහු මේ බව ප්‍රකාශ කළේ දඹාන ආදීවාසී ගම්මානයේ කෝණ මංගල්‍යයට සහභාගී වෙමින්.

මෙහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ අමාත්‍ය රංජිත් සියඹලාපිටිය,

“අපේ පක්ෂය වසර 17ක් විපක්ෂයේ සිටියා. නායකත්වයේ බරපතළ අභියෝග තිබුණා.

මැතිවරණයකට මුහුණ දෙන්න බැරි තරම් ප්‍රශ්න තිබුණා. ඒත් අද පක්ෂයේ නායකයා ජනාධිපතිතුමා.

ඒ නිසා අපි පක්ෂය රැකගෙන ශක්තිමත්ව ඉදිරියට ගෙන යනවා යැයි අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

අපේ උරුමය සුරකින ආදීවාසී ජනතාවගේ ගැටළු කෙරෙහි රජයක් විදියට අපි අවධානයට ලක්කරනවා.

ලෝකයේ ආදීවාසී ජන කොට්ඨාශයන් අතරේ අපේ ජනතාව ඉන්නේ ගොඩක් ඉදිරියෙන්. ඒ නිසා එම සම්පත් රැකගන්න අපි කටයුතු කළ යුතුයි.

අද පවත්වන මෙම කෝණ මංගල්‍යය, එම අවස්ථාව නියෝජනය කරන කැඩපතක් බදුයි.”

මෙම වැඩසටහනට සමගාමීව දඹාන ආදීවාදී ජනඋරුම කෙන්ද්‍රයට කිලෝවොට් 02ක ධාරිතාවයකින් යුත් සූර්යබල පද්ධතියක් අමාත්‍යවරයා විසින් ප්‍රධානය කරනු ලැබුවා.

මෙම අවස්ථාවට විශ්වකිර්ති වනස්පති ඌරු වරිගේ වන්නිල ඇත්තන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වුණා.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site