Home News Breaking ශ්‍රී.ල.නි.පය 20 ට සහයෝගය ලබා දෙනවද ?

ශ්‍රී.ල.නි.පය 20 ට සහයෝගය ලබා දෙනවද ?

192 views

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වන සංශෝධනයට සහය ලබාදීම හෝ නොදීම පිළිබඳ මේ වන තෙක් තීරණයක් ගෙන නොමැති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසනවා.

ජනතා විමුක්ති පෙරමුණ විසින් පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරිමට සැලසුම් කර තිබෙනවා.

එහෙත් මේ වන තෙක් 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් කිසිඳු තීරණයක් ගෙන නොමැති බවයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සදහන් කරන්නේ.

එක්සත් ජනතා නිදහස් සන්ධාන මහ ලේකම් අමාත්‍ය මහින්ද අමරවීර සඳහන් කළේ අදාළ යෝජනාව මේ දක්වාත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර නොමැති බවයි.

ඒ අනුව මෙය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරිමෙන් පසු තීරණයක් ගන්නා බව ඔහු සදහන් කළා.

ඇතැම් කාරනා දීර්ඝ කාලයක් ක්‍රියාත්මක කිරිමේදී ගැටළු බවට පත් වන බව සඳහන් කරන මහින්ද අමරවීර අමාත්‍යවරයා ඒවා රටට හිතකර ද අහිතකර ද යන්න පිළිබඳව සොයා බැලීම වඩාත් වැදගත් බව ද පැවසුවා.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site