Home News Breaking සමාජවාදී සමානතා පක්ෂයෙන් මූලික අයිතිවාසිකම් පෙත්සමක්

සමාජවාදී සමානතා පක්ෂයෙන් මූලික අයිතිවාසිකම් පෙත්සමක්

855 views

තම පක්ෂයේ මැයි දින රැළිය සැමරීම සඳහා කොළඹ නව නගර ශාලාව ලබදී පසුව එය අවලංගු කිරීමට කොළඹ මහ නගර සභාව ගත් තීරණය තුළින් සිය මූලික අයිතීන් කඩ වී ඇති බවට තීන්දුවක් ලබාදෙන මෙන් ඉල්ලා සමාජවාදී සමානතා පක්ෂය ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබෙනවා.

එම පක්ෂයේ ලේකම් විජය ඩයස් විසින් ගොනු කර ඇති පෙත්සම මඟින් වගඋත්තරකරුවන් ලෙස කොළඹ මහ නගර සභාව, එහි නගරාධිපතිනී රෝසි සේනානායක ඇතුළු පිරිසක් නම් කර ඇති බව සඳහන්.

පෙත්සම්කරු කියා සිටින්නේ මැයි මස පළවන දින ලෝක කම්කරු දිනය සැමරීම සඳහා කොළඹ නව නගර ශාලාව තම පක්ෂය වෙත ලබාදීමට කොළඹ මහ නගර සභාව මුලින් තීන්දු කර තිබූ බවයි .

ඒ සඳහා තම පක්ෂය විසින් කොළඹ නව නගර ශාලාව සඳහා මුදල් ගෙවා එය වෙන් කර තිබූ බවද පෙත්සමෙන් දැනුම් දී තිබෙනවා.

එහෙත් මැයි පළමුවන දින ලෝක කම්කරු දිනය සැමරීම අවලංගු කිරීමට රජය තීරණය කිරීමත් සමඟ කම්කරු දිනය සැමරීම සඳහා නව නගර ශාලාව ලබාදීම කොළඹ මහ නගර සභාව විසින් ප්‍රතික්ෂේප කල බව පෙත්සම්කරු පෙන්වා දෙනවා.

එහෙත් මැයි මස පළමුවන දින කම්කරු දිනය සැමරීම සඳහා ශ්‍රි ලංකා නිදහස් සේවක සංගමය වෙත කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරය ලබාදී තිබූ බව ද පෙත්සම්කරු පෙන්වාදී තිබුණා.

මෙතුළින් කොළඹ මහ නගර සභාව සිය මූලික අයිතීන් කඩ කර ඇති බවට තීන්දුවක් ලබාදෙන මෙන් ඉල්ලා අදාළ පෙත්සම ගොනු කර ඇත.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site