Home News Breaking සයිටම් අහෝසි කිරීමේ ගැසට් නිවේදනය තවමත් නිකුත් කරලා නැහැ

සයිටම් අහෝසි කිරීමේ ගැසට් නිවේදනය තවමත් නිකුත් කරලා නැහැ

87 views

සයිටම් ගැටලුවට විසදුමක් ලැබීම පිළිබද ස්තූතිය හිමිවිය යුත්තේ ආණ්ඩුවට නොව ඒ සදහා අවංකව අරගල කළ පිරිසට බව අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය පවසනවා.

අද (08) කොළඹදී මාධ්‍ය හමුවක් කැඳවමින් එහි කැඳවුම්කරු ළහිරු වීරසේකර මේ බව සදහන් කළා.

තවමත් සයිටම් අහෝසි කිරීමේ ගැසට් නිවේදනය නිකුත් කර නොමැති බවද ඔහු ප්‍රකාශ කළා.

උසස් අධ්‍යාපන අමාත්‍යවරයා එකඟ වූයේ කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලට සයිටම් සිසුන් ඇතුළත් කිරීමෙන් පසු සයිටම් අහෝසි වන බවට වන සංශෝධනයට පමණක් බවද ළහිරු වීරසේකර ප්‍රකාශ කළේ.

ආණ්ඩුවට ප්‍රතිපත්තිමය වශයෙන් හානි වන කිසිඳු සංශෝධනයකට එකඟ නොවූ බවද අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු ළහිරු වීරසේකර වැඩිදුරටත් ප්‍රකාශ කළා.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site