Home News Breaking සයිටම් වෙඩි තැබීමේ සිද්ධිය සැලසුම් සහගත රංගනයක්

සයිටම් වෙඩි තැබීමේ සිද්ධිය සැලසුම් සහගත රංගනයක්

300 views

සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ ප්‍රධාන විධායක ලෙස කටයුතු කළ සමීර සේනාරත්න ගමන් ගත් වාහනයට වෙඩි තැබීමේ සිද්ධිය ඊයේ රිමාන්ඩ් කරන ලද නාගරික මන්ත්‍රීවරයා යොදවා කළ රංගනයක් බවට විමර්ශනවලදී අනාවරණය වෙමින් ඇතැයි පොලිස් ආරංචි මාර්ග පවසනවා.

මෙම රංගනය සැලසුම් කිරීම සම්බන්ධයෙන් සේනාරත්න ද නුදුරේදීම අත්අඩංගුවට ගැනීමට නියමිත බව ද එම ආරංචි මාර්ග පවසනවා.

මෙම සිද්ධියේදී වාහනයට වෙඩි වැදුණු ආකාරය අනුව මේ සම්බන්ධයෙන් පරීක්ෂණ කණ්ඩායම්වලට මුලින්ම සැක මතු වී තිබුණු අතර දුරකතන විශ්ලේෂණ වාර්තා ඇතුළු අනෙකුත් සාක්කි අනුව මෙය සැලසුම් සහගත රංගනයක් බවට පෙනී යන්නේයැයි පොලිස් ආරංචි සඳහන් කරනවා.

ඒ අනුව සමීර සේනාරත්න සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර තිබෙනවා.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site