Home News Breaking සැමියා තෑග්ගක් නොදුන් නිසා බිරිඳ සිය දිවි නසා ගනියි

සැමියා තෑග්ගක් නොදුන් නිසා බිරිඳ සිය දිවි නසා ගනියි

981 views

අනුරාධපුර මහජන පොළ පිටුපස පිහිටි කුම්බිච්චන්කුළම වැවට පැන ඊයේ (13) රාත්‍රියේ දී 33 හැවිරිදි හර්ෂිකා සමන්මලී නමැති එක්දරු මවක් සිය දිවි හානිකරගෙන තිබෙනවා.

අනුරාධපුර පොලිසිය පවසන්නේ කාන්තා යතුරුපැදියක් තමන්ට අවශ්‍ය බවට සැමියාට පැවසුවත් සැමියා විසින් යතුරුපැදියක් රැගෙන නොදීමෙන් ඇතිවූ සිත්තැවුලක් හේතුවෙන් අදාල කාන්තාව මෙලෙස සියදිවි හානිකරගෙන ඇති බවයි.

යතුරුපැදියක් මිලදී ගැනීමට තරම් සැමියාට වත්කමක් නොමැතිවීම හේතුවෙන් සිය බිරිඳගේ ඉල්ලීම ඉෂ්ඨ කිරීමට හැකියාව ලැබී නැති නිසා දෙදෙනා අතර විවිධ අවස්ථාවල දී බහින් බස්වීම් සිදුවි ඇති බවත් පොලිසිය පවසනවා. ඊයේ (13) දිනයේ දී දෙදෙනා අනුරාධපුර නගරයට පැමිණ නැවතත් යමින් සිටියදී යතුරුපැදිය සම්බන්ධයෙන් දෙදෙනා අතර ඇතිවූ බහින් බස්වීම දුරදිග යාම හේතුවෙන් ඇය වැවට පැන ඇති බව සඳහන්.

අදාල බිරිඳ සහ සැමියා සුළු මානසික ආබාධයකින් පෙලෙන්නන් බව පොලිසියට අනාවරණයවී තිබෙනවා. අනුරාධපුර හදිසි නාගරික මරණ පරික්ෂකවරයා විසින් මරණ පරීක්ෂණය සිදුකර ඇති අතර මෘත ශරීරය අනුරාධපුර රෝහල් මෘතශරිරාගාරයට යොමුකිරීමට මරණ පරික්ෂකවරයා පොලිසියට නියෝග කළ බවද සඳහන්.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site