Home News Breaking සැමියා මියගිය තරුණියකට උපන් බිළිඳා වැසිකිළි පෝච්චියෙන් ගොඩ ගනියි PHOTOS

සැමියා මියගිය තරුණියකට උපන් බිළිඳා වැසිකිළි පෝච්චියෙන් ගොඩ ගනියි PHOTOS

SHARE

කාන්තාවක් සිය අලුත උපන් බිළිඳා වැසිකිළි පෝච්චියකට දැමූ පුවතක් වවුනියාව ප්‍රදේශයෙන් වාර්තා වනවා.

වවුනියාව, ඊච්චන්කුලම – ඊශ්වරපුරම් ප්‍රදේශයේ පදිංචි ප්‍රභාකරන් ඩෙන්සියා නමැති 25 හැවිරිදි කාන්තාවක් මෙලෙස තම බිළිඳා වැසිකිළි පෝච්චියකට දමා ඇති බවයි වාර්තා වන්නේ.

එලෙස වැසිකිළි පෝච්චියට දමා තිබු බිළිදු මළ සිරුර සුනඛයන් විසින් එළියට රැගෙනවිත් ඇති අතර එය දුටු ප්‍රදේශවාසීන් ඒ සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි කර තිබෙනවා.

ඊයේ (20) සවස වැසිකිළිය තුලදී අදාල කාන්තාව මෙම බිළිඳා ප්‍රසූතකර ඇති අතර, ප්‍රදේශවාසීන් පවසන්නේ ඉපදුණු බිළිඳා ඝාතනයකර වැසිකිළි පෝච්චියට දමා ඇති බවයි.

ඒ අනුව සැකකාර කාන්තාව අත්අඩංගුවට ගෙන ඇති අතර ඇය පොලිසිය හමුවේ පවසා ඇත්තේ දරුවා උපතේදී මියගොස් සිටි බැවින් සිරුර වැසිකිළි පෝච්චියට දැමූ බවයි.

අදාල කාන්තාවගේ ස්වාමිපුරුෂයා මීට වසර දෙකකට පෙර ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

සිරුර සම්බන්ධයෙන් වන පශ්චාත් මරණ පරීක්ෂණය වවුනියාව රෝහල් මෘත ශරීරාගාරයේදී අද (21) දින පැවැත්වෙනු ඇති.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site