Home News Breaking සිඟිත්තා බේරා ගන්න ගිය මවයි අත්තම්මයි උමා ඔයට බිලිවෙයි

සිඟිත්තා බේරා ගන්න ගිය මවයි අත්තම්මයි උමා ඔයට බිලිවෙයි

SHARE

උමා ඔයේ දිය නෑමට ගොස් එකම පවුලේ තිදෙනෙක් ඊයේ දහවල් මිය ගොස් තිබෙනවා.

ඊයේ දහවල් කාලයේදී ඌව පරණගම පොලිස් වසමේ මොරගොල්ල ග්‍රාමයේ පදිංචි එකම පවුලේ තිදෙනකු වැලිමඩ මධ්‍ය මහා විද්‍යාලය අසලින් ගලා බසින උමා ඔයේ දිය නෑමට ගොස් තිබෙනවා.

එකම පවුලේ මව, පුතා, සහ ආච්චි අම්මා ‍යන අය මෙසේ දිය නෑම සඳහා ගොස් ඇති අතර ආච්චි අම්මාට වයස අවුරුදු 81ක් වන බවත් ඇගේ දියණිය වයස අවුරුදු 32ක්ද කුඩා පුතු අවුරුදු දෙකහමාරක් පමණ වන බවත් වැලිමඩ පොලීසිය කියා සිටියා.

මේ අවාසනාවන්ත අනතුරට පත්වූ මේ තිදෙනාගේ නිවෙස මේ සිද්ධිය සිදුවු ස්ථානයට නුදුරින් පිහිටා තිබෙනවා.

පොලීසිය පවසන ආකාරයට මොවුන් තිදෙනා මෙසේ දිය නාමින් සි‍ටියදී කුඩා දරුවා දියේ ගසායාමකට ලක්ව ඇති බවයි අර්ථ වන්නේ.

මේ අවස්ථාවේ අනෙක් දෙදෙනා දරුවා බේරා ගැනීමට උත්සාහ ගනිද්දී ඔවුන් දෙදෙනා ඇතුලු තිදෙනාම දියේ ගසාගෙන ගොස් ඇති බව පොලීසිය සඳහන් කළා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site