Home News Breaking සිනමාවේදී ලෙස්ටර්ගේ සම්මානය සොරාගත් කණ්ඩායමේ සුලමුල හෙළිවේ

සිනමාවේදී ලෙස්ටර්ගේ සම්මානය සොරාගත් කණ්ඩායමේ සුලමුල හෙළිවේ

298 views

අභාවප්‍රාප්ත ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ට ඉන්දියාවෙන් පිරිනැමුණු රණමයුර යාවජීව පදක්කම සහ නිවසේ තිබූ ජංගම දුරකථනයක් සොරකම් කිරීමේ සිද්ධියට පුද්ගලයන් හයදෙනෙකු මේ වනවිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සොරකම කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයන් පස්දෙනෙකු සහ සොරකම් කරන ලද භාණ්ඩ ළඟ තබාගැනීමේ චෝදනාවට තවත් පුද්ගලයෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර ප්‍රකාශ කළේ.

සැකකරුවන් ත්‍රිරෝද රථයකින් සහ බස් රථයකින් සැකකරුවන් අදාළ ස්ථානයට පැමිණ ඇති අතර, බම්බලපිටිය පොලීසිය සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ ත්‍රිරෝද රථයේ අංකය ආධාරයෙන්.

ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්්ගේ නිවස ආසන්නයේ පිහිටි අනෙකුත් නිවාසවල සී සී ටී වී කැමරා දර්ශන ඒ සඳහා උපයෝගී කරගෙන තිබෙනවා.

සැකකරුවන්ගෙන් හතරදෙනෙකු ගම්පොල ප්‍රදේශයේ පදිංචි සැකකරුවන් වන අතර, ඔවුන් 47 ත් 65 ත් අතර වයස්වල පසුවන්නන් බව පොලීසිය සඳහන් කළා.

ඒ අනුව රථය ලියාපදිංචි කර තිබූ කාන්තාවගේ පියා සහ තවත් තුන්දෙනෙකු අත්අඩංගුවට ගැනුනු අතර, සොරකම් කළ ජංගම දුරකථනය සැකකරුවන් රුපියල් හාරදහසක මුදලකට අලෙවි කර ඇත්තේ නාවලපිටිය ප්‍රදේශයේ පිහිටි ජංගම දුරකථන අලූත්වැඩියා කරන ස්ථානයකටයි.

බම්බලපිටිය පොලීසියේ නිලධාරී කණ්ඩායමක් අද උදෑසන එම ප්‍රදේශයට ගොස් එහි හිමිකරුද පොලිස් භාරයට ගනු ලැබුවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් ප්‍රසිද්ධ පුද්ගලයින් අවමංගල උත්සව මෙන්ම කොළඹ තදාසන්න ප්‍රදේශවල සොරකම්වල යෙදෙන පුද්ගලයින් පිරිසක් බවට විමර්ශනවලදී අනාවරණ වී තිබෙනවා.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site