Home News Breaking සියල්ලන්ම බලා සිටි මැතිවරණ ප්‍රතිඵල වල ප්‍රමාදයට “මැකෝ” හේතු කියයි

සියල්ලන්ම බලා සිටි මැතිවරණ ප්‍රතිඵල වල ප්‍රමාදයට “මැකෝ” හේතු කියයි

16,280 views

නිල ඡන්ද ප්‍රතිඵල නිකුත් කිරීම ප්‍රමාද වීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව පැහැදිළි කිරීමක් සිදුකර තිබෙනවා.

මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ ඒ ඒ ඡන්ද මධ්‍යස්ථානවල හා කොට්ඨාශවල ඡන්දය ගණන් කිරීම අවසන් වී ඇති නමුත් ප්‍රතිඵල තේරීම් භාර නිලධාරීන් වෙත ෆැක්ස් සහ දුරකථනය හරහා ලැබී ඇති බවයි. එහෙත් අතින් ගෙන එන ප්‍රතිඵල ප්‍රකාශ සසඳා බැලීමට තේරීම් භාර නිලධාරීන්ට සිදුව ඇති බවද එම නිවේදනයේ දැක්වෙනවා.

එකම කොට්ඨාශයේ ප්‍රතිඵල ප්‍රකාශ කිරීමේදී තැපැල් ඡන්ද ප්‍රතිඵල එකතු කර ප්‍රකාශ කර ඇති නමුත් ඇතැම් ස්ථානවල තේරීම් භාර නිලධාරීන්ට ෆැක්ස් මගින් එවා ඇත්තේ ප්‍රතිඵල වාර්තා දෙකෙන් එකක් පමණක් බවයි මැතිවරණ කොමිසමේ සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

එය සමස්ත ප්‍රතිඵලය සකස් කිරීම්දී නැවත නැවතත් පරීක්ෂා කිරීමට තේරීම් භාර නිලධාරීන්ට සිදුවී ඇති හෙයින් ඒ ඒ පළාත්පාලන ආයතනවල සමස්ත ප්‍රතිඵල ප්‍රකාශ කිරීමට තවත් සැළකිය යුතු වේලාවක් ගතවන බවයි මැතිවරණ කොමිසමේ සභාපතිවරයා නිකුත් කළ නිවේදනයේ තවදුරටත් දැක්වෙන්නේ.

එමෙන්ම පළාත්පාලන ආයතනයක සියලූම කොට්ඨාශවල ප්‍රතිඵල තේරීම් භාර නිලධාරීන් විසින් දත්ත පද්ධතියට ඇතුළත් කරන තෙක් එම පලාත්පාලන ආයතනයේ සමස්ත ප්‍රතිඵලය මාධ්‍ය වෙත නිකුත් කිරීමේ හැකියාවක් නොමැති බවද එහි සඳහන්.

 

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site