Home News Breaking “සුළඟින් හානියට පත්වූ නිවාස හිමිකරුවන්ට අද දිනයේම වන්දි” – නාවින්න කියයි

“සුළඟින් හානියට පත්වූ නිවාස හිමිකරුවන්ට අද දිනයේම වන්දි” – නාවින්න කියයි

847 views

වාරියපොළ ඇතුලූ ප්‍රදේශ කිහිපයක් හරහා අද අලූයම හමාගිය දැඩි සුළඟින් හානි වූ නිවාස සහ දේපළ තක්සේරු කර වන්දි ලබාදීමට අද දිනයේම කටයුතු කරන බව අභ්‍යන්තර කටයුතු සහ වයඹ සංවර්ධන අමාත්‍ය එස්.බී. නාවින්න ප්‍රකාශ කළා.

සුළඟින් මාස්පොත, වාරියපොළ, අලව්ව, උඩුබද්දාව යන ප්‍රදේශවල නිවාස 101 කට අධික ප්‍රමාණයකට හානි සිදුවුණා.

වන්දි ලබාදීමට කටයුතු කරන බවට අමාත්‍ය එස්.බී. නාවින්න ප්‍රකාශ කළේ අද උදෑසන හානියට පත්වූ වාරියපොල ප්‍රදේශයේ නිවාස නිරීක්ෂණය කිරීම සඳහා එක්වෙමින්.

මේ වනවිට වාරියපොල සහ මාස්පොත ප්‍රදේශවල නිවාස 40 කට දැඩි හානි සිදුව ඇති අතර ආපදා කළමනාකරණ ඒකකය සහ යුද හමුදාව එක්ව එම ප්‍රදේශයේ අවශ්‍ය සහන කටයුතු සිදුකරන බවත් බිඳ වැටී ඇති විදුලිය යළි යථා තත්ත්වයට පත් කිරීමට කටයුතු කරමින් සිටින බවද ඔහු සඳහන් කළා.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site