Home News Breaking සෞඛය ඇමතිගෙන් පුද්ගලික රෝහල් සඳහා අනතුරු ඇඟවීමක්

සෞඛය ඇමතිගෙන් පුද්ගලික රෝහල් සඳහා අනතුරු ඇඟවීමක්

SHARE

ඩෙංගු උවදුර අවසන්වන තුරු රුධිර පරීක්ෂණ ගාස්තු අඩු කරන ලෙස සෞඛය අමාත්‍යංශය ලබාදුන් නියෝග කඩ කරන පෞද්ගලික රෝහල් සහ රසායානාගාර පිළිබඳ විමර්ශණයක් ආරම්භ කිරීමට සෞඛය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න තීරණය කර තිබෙනවා.

සම්පූර්ණ රුධිර පරීක්ෂණය රුපියල් 250 කට සහ ඩෙංගු රුධිර පරීක්ෂණය රුපියල් 1000 කට සිදු කරන ලෙස සෞඛය අමාත්‍යවරයා විසින් පසුගිය මස පෞද්ගලික රෝහල් වෙත දැනුම් දෙනු ලැබුවා.

නමුත් ඇතැම් පෞද්ගලික රෝහල් මේ වනවිට එම මුදලට වඩා වැඩි මුදල් අය කරන බවට රෝගී ජනතාවගෙන් ලැබුණු පැමිණිලි සැලකිල්ලට ගනිමින් සෞඛය අමාත්‍යවරයා මෙම විමර්ශණය ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ.

නැවත දැනුම් දෙන තුරු පනවා ඇති මෙම නීතිය ක්‍රියාත්මක බවද සෞඛය අමාත්‍යවරයා සඳහන් කර සිටියා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site