Home News Breaking හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඡන්ද භාවිතය 40%

හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඡන්ද භාවිතය 40%

968 views

හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඡන්දය ප්‍රකාශ කිරීම මේ වනවිට සියයට 35ත් 40ත් අතර ප්‍රතිශතයක පවතින බව දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරී ඩබ්ලිව්.එච්. කරුණාරත්න කියා සිටියා.

මේ අතර, අම්පාර – උහන හෝල් හන්දිය ප්‍රදේශයේදී නීතිවිරෝධී ලෙස මැතිවරණ ප්‍රචාරණයේ යෙදී සිටි පුද්ගලයන් දෙදෙනෙකු පොලීසිය අද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ ඔවුන් පෝස්ටර් ඇලවීම සඳහා යොදා ගත් ත්‍රිරෝද රථයක් සහ පෝස්ටර් තොගයක් ද අත්අඩංගුවට ගත් බවයි.

සැකකරුවන් අද අම්පාර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.