Home News Breaking හැඳුනුම්පත් නිකුත් කිරීමේ එක් දින සේවය කඩිනමින්

හැඳුනුම්පත් නිකුත් කිරීමේ එක් දින සේවය කඩිනමින්

687 views

පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් හැඳුනුම්පත් නිකුත් කිරීමේ එක් දින සේවය කඩිනම් කිරීමට පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව කටයුතු කර තිබෙන අතර පුද්ගලයින් ලියපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල් වියනී ගුණතිලක හැඳුනුම්පත් නිකුත් කිරීම සම්බන්ධයෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවට අදහස් දක්වා තිබෙනවා.

එහිදී ඔහු කියා ඇත්තේ,

“එළඹෙන පළාත් පාලන මැතිවරණයේ දී ඡන්දදායකයින්ට ඡන්දය පාවිච්චි කිරීමට අනන්‍යතාවය තහවුරු කළ යුතුයි. ඒ සඳහා දැනට මැතිවරණ කොමිෂන් සභාව අනන්‍යතා පත්‍ර හතක ලේඛනයක් ඉදිරිපත් කර තිබෙනවා.

මින් ප්‍රධාන තැනක් ගන්නේ පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව නිකුත් කරන ජතික හැඳුනුම්පතයි. මෙම මැතිවරණය නිසා දෙපාර්තමේන්තුවට ලැබෙන ඉල්ලුම්පත්‍ර වැඩි වී තිබෙනවා. දෛනිකව හැඳුනුම්පත් 1500ත් 2000ත් අතර ප්‍රමාණයක් නිකුත් කරනවා. සාමාන්‍ය සේවය යටතේ සෑම දිනකම 3000ක් පමණ නිකුත් කරනවා.

පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව නිකුත් කරන ජතික හැඳුනුම්පත ලබාදීම සඳහා බත්තරමුල්ල සුහුරුපාය ගොඩනැගිල්ලේ, අවශ්‍ය පහසුකම් සියල්ල සළසා තිබෙනවා. වැඩිවන ඉල්ලුම සඳහා අතිරේක කාර්ය මණ්ඩලය යොදවලා, දෛනිකව දෙපාර්තමේන්තුවට ඉදිරිපත් වන සියලු අයදුම්කරුවන් සඳහා ඉතාම පහසුවෙන් ඔවුන්ගේ හැඳුනුම්පත ලබාගැනීමේ වැඩපිළිවෙළ සකස් කර තිබෙනවා. එම අවශ්‍යතාවයට සරිලන ලෙස දෙපාර්තමේන්තුවේ අභ්‍යන්තර ක්‍රියාවලිය සකස් කර කඩිනමින් හැඳුනුම්පත් නිකුත් කරන ක්‍රියාවලිය දැනට ක්‍රියාත්මක කරමින් පවතිනවා”

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site