Home News Breaking හිටපු යුද හමුදා බුද්ධි අංශ අධ්‍යක්ෂ මේජර් ජෙනරාල් අමල් කරුණාසේකර රක්ෂිත බන්ධනාගාරයට

හිටපු යුද හමුදා බුද්ධි අංශ අධ්‍යක්ෂ මේජර් ජෙනරාල් අමල් කරුණාසේකර රක්ෂිත බන්ධනාගාරයට

225 views

මාධ්‍යවේදී කීත් නොයාර් පැහැරගෙන යාමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් හිටපු යුද හමුදා බුද්ධි අංශ අධ්‍යක්ෂ විශ්‍රාමික මේජර් ජෙනරාල් අමල් කරුණාසේකර ලබන 18 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

කොළඹ අතිරේක මහේස්ත්‍රාත් චාන්දනී ඩයස් මහත්මියයි නියෝගය ලබාදුන්නේ.

විශ්‍රාමික මේජර් ජෙනරාල්වරයා යුද හමුදා රෝහලේ ප්‍රතිකාර ලබන අතර මහේස්ත්‍රාත්වරිය එම ස්ථානයට ගොස් නියෝගය ලබාදී තිබෙනවා.

විශ්‍රාමික මේජර් ජෙනරාල් අමල් කරුණාසේකර අත්අඩංගුවට ගනු ලැබුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසිනුයි.

කීත් නොයාර් පැහැරගෙන යාමේ සිද්ධියට ආධාර අනුබල දීම ඔහුට එරෙහි චෝදනාවයි.

අමල් කරුණාසේකර යුද හමුදා රෝහලට ඇතුලත්ව සිටියදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබුනා.

මාධ්‍යවේදී කීත් නොයාර් පැහැරගෙන යාමට ලක්වූයේ 2008 වසරේ මැයි මස 22 වනදායි.

සිද්ධිය පිළිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවයි විමර්ශණ සිදුකරනු ලබන්නේ.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site