Home News Breaking හිමිකරුත් සමගම පොළව සිපගත් ග්‍රෑන්ඩ්පාස් ගොඩනැගිල්ලේ ඇත්ත මෙන්න – PHOTOS

හිමිකරුත් සමගම පොළව සිපගත් ග්‍රෑන්ඩ්පාස් ගොඩනැගිල්ලේ ඇත්ත මෙන්න – PHOTOS

994 views

කොළඹ ග්‍රෑන්ඩ්පාස්, බබාපුල්ලේ ප්‍රදේශයේ කඩා වැටුණු ගොඩනැගිල්ලට වසර 100කට වඩා පැරණි බවට හෙළිව තිබෙනවා. එය කඩා වැටීමෙන් පුද්ගලයින් හත් දෙනෙකු මියගිය බව සඳහන්.

තවත් දෙදෙනෙකු බරපතල තුවාල ලබා රෝහල් ගතකර සිටිනවා. තේ සහ කුළු බඩු ගබඩා කර තිබූ ගොඩනැගිල්ලකුයි මෙසේ කඩා වැටුණේ. ඊයේ පස්වරු තුනයි පහළොවට පමණයි ගොඩනැගිල්ල එක්වරම කඩා වැටී තිබෙන්නේ.

කඩාවැටීමත් සමග පොලීසිය, යුද හමුදාව හා ආපදා සහන සේවකයින් එක්ව මෙහෙයුමක් ආරම්භ කළා. ඊට ආපදා රථ 8ක් ද එක්කර තිබුණා. සිද්ධියෙන් මිය ගිය අය අතර කාන්තාවන් තුන් දෙනෙකු ද සිටින බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

අඩි 75කට 100කට ආසන්න දිගින් යුත් විශාල ශාලා කිහිපයක් මෙම ගොඩනැගිල්ලේ ගබඩා සංකීර්ණයේ දක්නට ලැබුණු අතර බොහෝ පිරිසක් කඩා වැටුණු බිත්තිවලට හා වහළයේ සුන්බුන්වලට යටව සිටි බවයි වාර්තා වන්නේ. සිද්ධිය වන අවස්ථාවේ ගොඩනැගිල්ලට අනෙක් පස තවත් ගොඩනැගිල්ලක් කඩා ඉවත් කරමින් තිබූ බවයි වාර්තා වන්නේ. ඒ හේතුවෙන් මෙම ගොඩනැගිල්ල කඩා වැටුණේ ද යන්න පිළිබඳ සැක මතුව තිබෙනවා. ගොඩනැගිල්ල කඩා වැටෙන අවස්ථාවේ ඇතුලත සිටි සේවකයන් තුන් දෙනෙකු ක්ෂණිකව ක්‍රියාත්මක වී දිවි බේරාගෙන තිබෙනවා. අදාල ආයතනයේ හිමිකරු ද මියගිය අය අතර සිටින බවයි වාර්තා වන්නේ.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site