Home C Gossip හුස්ම ගන්න අපහසු උනත් රට ගැන සිතා අද තරග කරන සුපිරි ක්‍රීඩකයා...

හුස්ම ගන්න අපහසු උනත් රට ගැන සිතා අද තරග කරන සුපිරි ක්‍රීඩකයා මෙන්න

SHARE

ටෙස්‌ට්‌ ක්‍රීඩාවට කදිම තෝතැන්නක්‌ ලෙස සකස්‌ කර ඇති කොළඹ එස්‌.එස්‌.සී. තණතීරුවේදී ශ්‍රී ලංකාව ලොව අංක එකේ ටෙස්‌ට්‌ පිල වන ඉන්දියානුවන් සමඟ මේ වන විට තරඟය ආරම්භ කර තිබෙනවා.

කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදීමට ඉන්දීය නායක විරාට් කෝලි තීරණය කළා.

මේ වන විටත් තරගාවලිය 1-0 ක්‌ ලෙස පෙරමුණ ගෙන සිටින ඉන්දියානුවන්ද එස්‌.එස්‌.සී. තණතීරුව පිළිබඳව ප්‍රසාදයකින් පසුවන බවයි ඊයේ පැවැති මාධ්‍ය හමුවේදී නායක විරාට් කෝලි කියා සිටියේ.

ශ්‍රී ලංකා කණ්‌ඩායම මෙහෙයවීමට නිත්‍ය නායක දිනේෂ් චන්දිමාල් පැමිණීම කණ්‌ඩායමේ සමබරතාවට මහත් රුකුලක්‌ වී තිබෙනවා.

කෙසේ වෙතත් නිව්මෝනියා තත්ත්වයක්‌ ඇතිවීමෙන් රෝහල් ගතව ප්‍රතිකාර ලබා සති දෙකක්‌ ගතවීමට පෙර ටෙස්‌ට්‌ තරගයකට සහභාගි වීමේදී තිබෙන ශාරීරික අපහසුතාව පිළිබඳව චන්දිමාල්ගෙන් විමසු විට ඔහු කියා සිටියේ,

“ඇත්තටම මම මේ අවස්‌ථාවේදී ICC යට ස්‌තුති වන්ත වෙනවා. මොකද ඔවුන් මට ඉන්හේල ලබාගෙන තරග වදින්න අවසරය දීලා තියෙනවා. ඒකෙන් මට හුස්‌ම ගන්න පහසු වෙනවා. ඒ ඇරෙන්න මම යහපත් තත්ත්වයෙන් හොඳ පුහුණුවීමකින් තරගයට සුදානම්.” යනුවෙනි.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site