Home News Breaking හෙට කැබිනට් මණ්ඩල සංශෝධනයක්

හෙට කැබිනට් මණ්ඩල සංශෝධනයක්

2,640 views

කැබිනට් මණ්ඩල සංශෝධනයක් හෙට(21) දිනය තුළ සිදුකිරීමට නියමිත බව වාර්තා වනවා.

ආණ්ඩුවේ පැවති ගැටලුකාරී තත්ත්වය සමතයකට පත්වීමත් සමඟ ජනාධිපතිවරයා විසින් මෙම කැබිනට් සංශෝධනය සිදුකිරීමට සැලසුම් කර ඇති බවයි වාර්තා වනවා.

මෙහිදි දැනට පුරප්පාඩුව පවතින අමාත්‍යාංශ සඳහා නව අමාත්‍යවරුන් පත්කිරීමට නියමිතව තිබෙනවා.

බොහෝ දුරට එක්සත් ජාතික පක්ෂයේ මන්ත‍්‍රීවරුන් දරන අමාත්‍යාංශ පමණක් සංශෝධනය වනු ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළා.

ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසන තුරු ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ප‍්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානය ජාතික ආණ්ඩුවේ රැදී සිටීමට ගෙන ඇති තීරණයත් සමඟ මෙම කැබිනට් සංශෝධනය සිදුකිරීමටයි තීරණය කර තිබෙන්නේ.

මේ අතර පවතින දේශපාලන වාතාවරණය පිළිබද පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් ඊයේ දිනයේදී ද මාධ්‍ය වෙත විවිධ අදහස් පල කළා.

නියෝජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වාද ඒ සම්බන්ධයෙන් අදහස් පල කළා.

 

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site