Home News Breaking හෙරොයින් ජාවාරමේ නිරත දෙදෙනෙක් පොලිස් දැලේ

හෙරොයින් ජාවාරමේ නිරත දෙදෙනෙක් පොලිස් දැලේ

99 views

මීටියාගොඩ, වේරගොඩ ප්‍රදේශයේ සිදුකළ විශේෂ වැටලීමකදි ප්‍රදේශයේ හෙරොයින් බෙදා හැරීමේ කටයුතුවල නිරත පුද්ගලයින් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ හෙරොයින් සමඟ මෙම පුද්ගලයින් අත්අඩංගුවට ගත් බවයි.

මීටියාගොඩ පොලීසියට ලද රහසිගත තොරතුරකට මත ඊයේ(03) රාත්‍රීයේ මීටියාගොඩ වේරගොඩ ප්‍රදේශයේ මෙම විශේෂ වැටලීමක් දියත් කර තිබෙනවා.

එහිදි නිවසක් තුළ හෙරොයින් මත්ද්‍රව්‍ය පැකට් කරමින් සිටි පුද්ගලයෙක් පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

ඔහු සතුව තිබි හෙරොයින් ග්‍රෑම් 4ක් පොලිස් බාරයට ගැණුනු අතර මෙම සැකකරු කලක සිට ප්‍රදේශයේ හෙරොයින් බෙදා හැරීමේ කටයුතුවල නිරත වු අයෙක් බව පොලිස් පරික්ෂණ වලදී අනාවරණය වී තිබෙනවා.

සැකකරුගෙන් දීර්ඝ ලෙස සිදුකළ ප්‍රශ්න කිරීමේදී ප්‍රදේශයේ තවත් පුද්ගලයෙක් මෙලෙස හෙරොයින් බෙදා හැරීමේ කටයුතුවල නිරත වන බවට තොරතුරු අනාවරණය වි තිබුණා.

ඒ අනුව ක්‍රියාත්මක වු පොලිසිය උපාය දූතයෙකු යොදවා අදාළ පුද්ගලයා හික්කඩුව සීනිගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගනු ලැබුවා.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔහු සතුව කුඩු පැකට්ටුවක් තිබි ඇති අතර සැකකරු මනුෂ්‍ය ඝාතන 02ක් ඇතුළු නඩු 05කට වරෙන්තු මත සිටින අයෙක් බව අණාවරණය වි තිබෙනවා.

සැකකරුවන් දෙදෙනා අද(04) බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site