Home News Breaking හෙරොයින් බෙදා හැරපු කාන්තාවට වැඩ වරදියි

හෙරොයින් බෙදා හැරපු කාන්තාවට වැඩ වරදියි

2,840 views

ගිනිගත්හේන ප්‍රදේශයට හෙරොයින් මත් කුඩු බෙදා හැරිමේ ජාවාරමේ නිරත වි සිටි එක් දරු මවක් සැකපිට අත්අඩංගුවට ගත් බව ගිනිගතහේන පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක සරත් සමරවික්‍රම පැවසුවා.

මෙම සැකකාරිනිය කොළඹ සිට නාවලපිටිය දක්වා ධාවනය වු ලංගම බස් රථයක ගමන් කරමින් සිටියදි ඊයේ රාත්‍රි 10 ට පමණ ගිනිගත්හේන සෙල්ලිපිගම ප්‍රදේශයේදි සැකාරිනිය අත්අඩංගුවට ගත් බව පොලිස් ස්ථානාධිපතිවරයා කියා සිටියේ.

සැකකාරිනිය ගිනිගත්හේන ප්‍රදේශයේ පදිංචිකාරිනයක් බවත් ඇය හෙරොයින් මත්ද්‍රව්‍ය රැගෙන එන බවට ලද තොරතුරක් මත රැක සිටි ගිනිගත්හේන පොලිසියේ නිලධාරින් බස් රථයට ගොඩ වි සැකකරිනිගේ අත් බැගය පරික්ෂා කිරිමේදි ඒ තුල හෙරොයින් මත් කුඩු මිලිග්‍රෑම් 750 ක් තිබි සොයා ගත් බව පොලිසිය කියා සිටියා.

මෙම සැකකාරිනියගේ සැමියාද හෙරොයින් මත් කුඩු අලෙවි කිරිමේ ජාවාරමේ නිරත වි සිටියදි ඉකුත් සතියේ සැකපිට අත්අඩංගුවට ගෙන හැටන් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරමෙන් අනතුව එම සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බව ගිනිගත්හේන පොලිසියේ ස්ථානාධිපතිවරයා කියා සිටියා.

අත්අඩංගුවට ගත් සැකකාරිනියද හැටන් මහේස්ත්‍රාත් අධිකරණය වෙත යොමු කිරිමට නියමිතයි.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site