Home News Breaking හෙරොයින් සමඟ තරුණයෙකු අත්අඩංගුවට

හෙරොයින් සමඟ තරුණයෙකු අත්අඩංගුවට

854 views

හෙරොයින් ග්‍රෑම් 200 කට අධික ප්‍රමාණයක් සමඟ 25 හැවිරිදි තරුණයෙකු කුලියාපිටිය, වීරපුර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මත්ද්‍රව්‍ය, කාර්යංශය මඟින් අත්අඩංගුවට ගත් සැකකරු සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 203 යි මිලිග්රෑ්ම් 189 ක් සොයාගෙන ඇති බවයි පොලිසිය සදහන් කළේ.

සැකකාර තරුණයා කුලියාපිටිය, දියකමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව සඳහන්.

මේ අතර දිවයිනේ තවත් ප්‍රදේශ කිහිපයකදී හෙරොයින් ලඟ තබාගෙන සිටි පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අනුරාධපුර මහජන පොල අසලදී හෙරොයින් ග්රෑටම් 02 ක් සමඟ 31 හැවිරිදි අයෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර අනුරාධපුර, හිමකහන්දිය ප්‍රදේශයේදී ද හෙරොයින් ග්‍රෑම් 02 ක් සමඟ 39 හැවිරිදි අයෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පැවසුවා.

මීට අමතරව පේරාදෙණිය, පිලිමතලාව ප්‍රදේශයේදී හෙරොයින් ග්‍රෑම් 05 යි මිලි ග්‍රෑම් 770 ක් සමඟ 27 හැවිරිදි තරුණයෙකු අත්අඩංගුවට ගෙන තිබෙන්නේ.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site