Home News Breaking හෙරෝයින් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට

හෙරෝයින් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට

894 views

හෙරෝයින් මත් කුඩු ළඟ තබා ගෙන සිටි බව කියන පුද්ගලයින් දෙදෙනෙකුව මාදම්පේ පොලීසියේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පසුගිය 25 සහ 26 යන දිනවල මාදම්පේ පැරණි නගරයේදී සහ මාදම්පේ – තඹගල්ල වත්ත ප්‍රදේශයේදී මෙම අත්අඩංගුවට ගැනීම් සිදු කර තිබුණා.

මාදම්පේ පැරණි නගරයේ පදිංචි අයෙකු සතුව තිබී හෙරෝයින් මිලි ග්‍රෑම් 30 ක් පොලිස් නිලධාරීන් විසින් සොයා ගෙන ඇත.

වයස අවුරුදු 30 ක් වන සැකකරු අධික ලෙස හෙරෝයින් මත් කුඩු ජාවාරමට ඇබ්බැහි වී සිටි අයෙකු බව කියයි.

මේ අතර,මාදම්පේ – තඹගල්ල වත්ත ප්‍රදේශයේ පදිංචි අයෙකුවද හෙරෝයින් මත් කුඩු ග්‍රෑම් 02 යි මිලි ග්‍රෑම් 160 ක් සමඟ අත්අඩංගුවට ගෙන ඇත.

25 හැවිරිදි සැකකරු ජීවන වෘත්තිය ලෙස පොල් කැඩීම සහ නීති විරෝධී මත් පැන් ජාවාරමට හවුල් වී සිට ඇති බව විමර්ශණ වලදී හෙලිවී ඇත.

එම සැකකරුද කාලයක් තිස්සේ හෙරෝයින් පානය කිරීමට ඇබ්බැහි වී සිටි අයෙකු බව කියයි.

පසුගිය කාලය තුළ මෙම ප්‍රදේශ වලින් හෙරෝයින් මත් කුඩු පානය කිරීමට ඇබැබ්හි වී සිටි විශාල පිරිසක් පොලිස් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබුනා.

නමුත් මෙම සැකකරුවන් දෙදෙනා ඒ සෑම අවස්ථාවකදීම පොලිසියට අසු වී නැත.

අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් හලාවත දිසා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

නිලධාරීන් විසින් සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඔවුන් සතුව තිබී හෙරෝයින් මත් කුඩු සොයා ගෙන ගෙන තිබුණා.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site