Home News Breaking හෙළ සිනමාවේ රන් සලකුණ අද දැයෙන් නික්ම යයි

හෙළ සිනමාවේ රන් සලකුණ අද දැයෙන් නික්ම යයි

898 views

සිංහල සිනමාවේ රන් සලකුණ, හෙළ සිනමාවේ විශ්ව ලකුණ ආදී විරුදාවලි ලත් මෙරට සිනමා රසිකයන්ගේ ගෞරවාදරය නොමදව දිනා ගත් ප්‍රවීන සිනමාවේදී අභාවප්‍රාප්ත ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ දේහය පිළිබද අවසන් කටයුතු පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව කොළඹ නිදහස් චතුරස‍්‍රයේදී අද පස්වරු 4ට සිදුකෙරෙනවා.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් මෙම අවමංගල්‍ය උත්සවය පැවැත්වෙන අතර, අද ශෝක දිනයක් ලෙස ද ප්‍රකාශයට පත් කර ඇතැයි ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන ප්‍රකාශ කළා.

අවමඟුල් උත්සවයට සහභාගිවීම සඳහා ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ මිතුරෙකු වන කේරළ ජාතික සම්මානීය චිත්‍රපට අධ්‍යක්ෂ ආර් ගෝපාල් සිංහම් ද අද දිවයිනට පැමිණීමට නියමිත බව අවමගුල් කමිටුව ප්‍රකාශ කළා.

අභාවප්‍රාප්ත ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ දේහය මේ වන විට කොළඹ 5, ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මාවතේ පිහිටි ඔහුගේ නිවසේ තැන්පත් කර ඇති අතර, අද පෙරවරු 10 දක්වා දේහය එහි තැන්පත් කර තිබෙනවා.

ඉන් අනතුරුව නිවසේදී කතෝලික ආගමික වතාවත් සිදුකර අවමංගල්‍ය පෙරහරකින් කොළඹ නිදහස් චතුරස‍්‍රය දක්වා රැගෙන යාමට නියමිත අතර බෞද්ධාලෝක මාවතේ පිහිටි ජාතික චිත්‍රපට සංස්ථාව අසළ දී කලාකරුවන් විසින් දේහය භාර ගැනීමට නියමිතයි.

ඉන් අනතුරුව දේහය කොළඹ නිදහස් චතුරස‍්‍රය දක්වා රැගෙන යාමට නියමිත අතර දහවල් 12 සිට පස්වරු 3 දක්වා මහජන ගෞරව දැක්වීම සදහා නිදහස් මන්දිරයෙහි තැන්පත් කර තිබෙනවා.

අවමගුල් උළෙලේ කටයුතු පස්වරු 3ට ආරම්භ කිරීමට නියමිතයි.

සම්මාලාභී ලොව විශිෂ්ඨතම සහ ජ්‍යෙෂ්ඨතම සිනමාවේදියෙකු වූ ලෙස්ටර් ජේම්ස් පීරිස් අභාවප්‍රාප්ත වන විට 99 වියේ පසුවුණා.

මේ අතර, ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් යනු නිසැකවම සංස්කරණය නොකෙරුණු සංකීර්ණ තිර පිටපතක් බඳු චරිතාපදානයක් බව ඔහුගේ අභාවය වෙනුවෙන් ශෝක පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පවසනවා.

ඔහුගේ මහා තිර දැක්ම එලෙස සමාප්තියට පත්වනුයේ සියවසක් අභිමුවතෙක් දිගහැරුණු කියවා නිම කළ නොහෙන මහා පුරාවතක් පරිදි බවයි ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ.

මෙම අද්විතීය සිනමාවේදියාණන්ගේ අභාවය පිළිබඳව තමාගේ දැඩි සංවේගය ඔහුගේ බිරිඳ වන සුමිත්‍රා පීරිස් ඇතුලූ පවුලේ ඥාතීන්ටත් සමස්ත ශ්‍රී ලාංකිකයින් වෙතත් පළ කරන අතර, ඔහුට මොක්සුව ප්‍රාර්ථනා කරන බව ජනාධිපතිවරයා නිකුත් කළ නිවේදනයේ තවදුරටත් සඳහන්.

ලාංකේය සිනමාවේ පුරෝගාමී විශිෂ්ඨයන් අතර අද්විතීය, අග්‍රගණ්‍ය සිනමා ලකුණ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ශෝක පණිවුඩයක් නිකුත් කරමින් පවසනවා.

ඔහුගේ විප්ලවීය සිනමා ගමනට කලා ක්‍ෂේත්‍රයේ සුවිශිෂ්ඨ දායකත්වයට සහ සොඳුරු මනුෂ්‍යත්වයට තමාගේ ගෞරවනීය ආචාරය පුද කරන බවයි එහි තවදුරටත් දැක්වෙන්නේ.

ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් සිනමාකරුවෙකු පමණක් නොව සමාජ චින්තකයෙකුද බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ශෝක පණිවුඩයක් නිකුත් කරමින් ප්‍රකාශ කළා.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site