Home News Sports ළඟදීම ක්‍රිකට් තේරීම් කමිටුවේ අලුත් වෙනසක්

ළඟදීම ක්‍රිකට් තේරීම් කමිටුවේ අලුත් වෙනසක්

SHARE

ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ පුළුල් වෙනසක් ඇති කිරීමට බලාපොරොත්තු වන බව ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර පවසනවා.

හිටපු ක්‍රිකට් නායක සනත් ජයසූරියගේ ප්‍රධානත්වයෙන් යුතු වත්මන් ක්‍රිකට් තේරීම් කමිටුවේ දීර්ඝ කළ නිල කාලය මෙම මස අග දී අවසන් වීමට නියමිත බවයි වාර්තා වන්නේ.

2016 වසරේ මැයි මස පළමුවෙනි දින සිට වසරක කාලයක් සඳහා බලපැවැත්වෙන පරිදි සනත් ජයසූරියගේ ප්‍රධානත්වයෙන් ක්‍රිකට් තේරීම් කමිටුව පත්කර තිබූ අතර පසුව එය චැම්පියන්ස් කුසලානය හේතුවෙන් ජුනි මස අවසානය තෙක් දීර්ඝ කරනු ලැබුවා.

වත්මන් තේරීම් කමිටුවටම ඉදිරියට පවත්වාගෙන යන්නේ දැයි විමසූ විට අමාත්‍යවරයා පැවසුවේ නව තේරීම් කමිටුවක් පත් කිරීමේ බලාපොරොත්තුවක් ඇති බවයි.

ඒ පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමග සාකච්ඡා කර තීරණයක් ගන්නා බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කරනු ලැබුවා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site