Home News Breaking ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන් 250කට වැඩි පිරිසක් ලංකාවට

ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන් 250කට වැඩි පිරිසක් ලංකාවට

SHARE

ළමා සෞඛ්‍ය පිළිබඳ ජාත්‍යන්තර විශේෂඥ සමුළුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කර තිබෙන අතර

ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පස්වරුවේ කොළඹදී එම සමුළුව ආරම්භ වුණා.

ශ්‍රී ලංකා ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ වාර්ෂික සමුළුවට සමගාමීව පැවැත්වෙන මෙම සමුළුව ලබන 15 වනදා දක්වා පැවැත්වේ.

මේ සඳහා රටවල් 42ක් නියෝජනය කරමින් ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන් 250කට වැඩි පිරිසක් සහභාගී සිටිනවා.

ළමා රෝග පිළිබඳ ජාත්‍යන්තර මට්ටමේ දැනුම හුවමාරුකර ගැනීම, පරීක්ෂණයන් හෙළිදරව් කිරීම සහ ප්‍රමිතීන් හදුනා ගැනීම මෙම සමුළුවේ අරමුණ වී තිබේ.