Home News Breaking ‍සර්බියානු නියෝජ්‍ය අගමැතිවරයා මෙරට සංචාරයකට එක්වෙයි

‍සර්බියානු නියෝජ්‍ය අගමැතිවරයා මෙරට සංචාරයකට එක්වෙයි

800 views

සර්බියානු නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා මෙරට සංචාරයක නිරත වීමට නියමිතව තිබෙනවා.

මෙම සතිය තුළ ඔහු මෙරටට පැමිණෙනු ඇති බව සර්බියානු විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා.

සර්බියාවේ පළමු නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා සහ විදේශ කටයුතු අමාත්‍යවරයා වන ඊවිසි ඩාසෙක් හෙට(02) දිනයේ සිට ලබන 08 වන දින දක්වා කාලය තුළ ඉන්දියාව, නේපාලය සහ ශ්‍රී ලංකාව යන රටවල සංචාරය කිරීමට නියමිතව තිබෙනවා.

මෙම සංචාරය තුළ දී සර්බියානු නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා එම රටවල් වල නායකයින් සමඟ සාකච්ඡා පැවැත්වීමට නියමිත බව එරට විදේශ කටයුතු අමාත්‍යාංශය පෙන්වා දෙනවා.

රටවල් අතර පවත්නා සහයෝගීතාව වර්ධනය කරගැනීම සඳහා ගිවිසුම් කිහිපයකට එළඹීම ද සර්බියානු අග්‍රාමාත්‍යවරයාගේ සංචාරය තුළ දී සිදුකිරිමට නියමිත බව සඳහන් වනවා.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site