Home Diyawanna Susthara දියවන්නාවට උඩින් ආෂ්ගේ කෝළම ලගදීම

දියවන්නාවට උඩින් ආෂ්ගේ කෝළම ලගදීම

264 views
SHARE

අපි කොහොමත් හරි ආසයි නේ එක එක කෝළම් බලන්න. කෝලමට කියාපු තැන ගමේ කෝලම් මඩුව.

ඔන්න ඉතිං ගමේ කෝලම් මඩුවේ කෝලම හරියටම අර්ථ නිරුපනය කලොත් ” පෞරුෂය , ආධිපත්‍ය ඒ ඒ චරිත වලට අදාල ලක්ෂණ පිළිබිගු කිරීමත් සිනහව, භය, හැගීම් භාව ප්‍රකාශනය කථා කරන ජීව මාන නිර්මාණ ශිල්පය, ජීව මාන කරන නිරුපනයක්” කියල තමයි මේකට කියන්න වෙන්නේ.
ඒක කිවුවා බර වැඩියිද මන්ද …

එදා කෝලම් නටපු ඒ කෝලම් මඩුව , පොල් අතු වලින් වට වෙලා යස අපුරුවට ජසයාගේ විහිළු මැද ආලවට්ටම් දැම්මා.
පොඩි කාලේ අපි හරි කැමතියි ජසයා, ලෙන්චිනා බලන්න. සීයාගේ අතේ එල්ලිලා කෝලම් මඩුවට යනකොට මඩුවේ කට්ටිය පිරිලා විසිල් ගහන හැටි අදටත් මතක් වෙනකොට කන් දෙක කීරි ගැහෙනවා .

ඒවගේම මතකේ රැදුන අනික් කොළම තමයි නොච්චියා කොලම . ඕවා ගැන දැන් මෙහෙම කිවුවාට එහෙම කෝළමක් බලන්න අද නම් පුළුවන් කමක් නැහැ නේද ? ම
තකද ජසයාගේ විහිලු වලට මුලදී දාපු තේජස , හරිම අපුරුයි……

ඔය වගේ එක පාරටම කෝළමක් කිවුවහම අපිට මතක් වෙන්නේ ගමේ කෝලම් මඩුව. ඒ සුන්දර අතීතයකුත් එක්ක නේද ?
අදට ඔහොම කෝළම් මඩුවක් නැති වුණාට කෝළම් දකින කෝළමක් වුණු ප්‍රබල තැනක් තියෙනවා .

කන් දෙක කීරි ගැහෙන, කන් අඩි පැලෙන කථා එක්ක ඇග හිරිවට්ටන විලි ලැජ්ජා නැති කථා වගේම සිදුවීමුත් මෙතන තියෙනවා . මේ කතා කරන්න යන්නෙත් අන්න ඒ කොලමක් ගැනයි . නමුත් අපි කථා කරන කෝළම නම් හරිම උත්තරීතරයි .
අපි කතා කරන උත්තරීතර මඩුවෙත් මේ කියන හැම විපර්යාසයන්ම සිද්ධවෙනවා . මේකේ ඇතුලෙත් කෝලම් තියෙනවා.

ඒවා අසාවෙන් රසට අහන්න බලන්න අද හැමෝම පුරුදු වෙලා . ඉතිං ඔය ඇතුලේ නටන කෝලම් එක්ක මේකේ ඇතුලේ ඉන්න අයත් එළියෙත් කෝළම් නටනවා.
අප්පේ දැන්නේ තේරෙන්නේ එදා කෝළම් මොනාද කියලා .මේවනෙ බොලවු කෝළම් කියන්නේ . අස්සේ හැඟෙන සිරා සීන් එක්ක කොටු පනින ඒවත් මේවා ඇතුලේ තියෙනවා.
පයින කෝටුවේ පිම්ම ගැනත් අපි එළියට දෙන්න ලෑස්තියි. ඔන්න දැන් කියන්න එපා ඇතුලත ගිණි පිටට දෙන්න හොද නැහැ කියලා.
අම්මා අප්පච්චී ගැහුවත් ලියන්න වෙන ඒවා ලියන්නම වෙනවා. ඇස් කොණෙන් පේන, කන් කොනෙන් ඇහෙන, බෙර නැතුව නටන කෝළම් මඩුවක් මේක.

ඔය කියපු උත්තරීතර සභාවේ එළිපිට නටන කෝළම් වගේම හොරෙන් හොරෙන් ඇතුළේ නටන හොද හොද කෝලම් ටිකක්
“කලම්බෝ සි ආශ් ගේ කෝලමෙන්” ඉදිරියේදී බලා ගන්න පුළුවන්.

ඉතිං අපට අවැසි ඔබෙන් අවසරයි අපිට මේ කෝළම ගෙන හැර පෑමට, කෝළම කැදවීමට. දොඩමින් සබයට එන්නට, බීම කාරියට යට වී,
පනික්කලේ මෙන්න සාදේ නටන්නට එන්නේ … ආශ් ගේ කෝළම් විගසින්….