Home News Politics හිටපු ජනාධිපතිනිය කිවුවේ බොරු – චීන තානාපති කාර්යාලය කියයි

හිටපු ජනාධිපතිනිය කිවුවේ බොරු – චීන තානාපති කාර්යාලය කියයි

282 views
SHARE

නොරොච්චෝල ව්‍යාපෘතියෙන් මහින්ද රාජපක්‍ෂ රුපියල් බිලියන 15ක කොමිස් මුදලක් ගත් බව චීන තානාපති තමන් හා කියූ බවට හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග කළ ප්‍රකාශයෙහි සත්‍යතාවක් නොමැති බව ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය පවසනවා.

ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලයේ මාධ්‍ය ප්‍රකාශකවරයෙකු කියා සිටියේ හිටපු ජනාධිපතිනිය එවන් ප්‍රකාශයක් කර ඇත්තේ කිසිදු තොරතුරක් හෝ මූලාශ්‍රයක් පදනම් කරගෙන නොවන බවයි.

කතා බහක් ඇතිවීමට චීන තානාපතිවරයා හා හිටපු ජනාධිපතිනිය අතර කිසිදු හමුවක් සිදු නොවුණු බවද මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා.

වත්මන් ආණ්ඩුවද කොතරම් හොරකම් කළද එය රාජපක්‍ෂ ආණ්ඩුවේ හොරකම්වලින් දාහෙන් එකක්වත් නැති බවත්, ශිරන්ති රාජපක්‍ෂ හිටපු ජනාපති ආර්යාවද  හොරකම් කර අසු වී තිබුණත් අත්අඩංගුවට ගන්න එපා යයි කියා සිටි බවත්, නාමල් රාජපක්‍ෂ නමටම ඇති ඩොලර් මිලියන දහසක ඩුබායි බැංකු ගිණුමක් සොයාගත් බවත්  චන්ද්‍රිකා කුමාරතුංග විසින් පවසා තිබෙනවා.

 හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මෙම චෝදනා නඟා තිබුණේ  පසුගියදා අත්තනගල්ලේදී පැවති ශ‍්‍රීලනිප රැස්වීමකදීයි.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site