Home Diyawanna Susthara දියවන්නා සූත්තර

දියවන්නා සූත්තර

284 views
SHARE

දියවන්නාවේ ඕපා දූප දවස ගානේ අලුත් වෙනකොට හිතෙන්නේ මේක නිකං ඔලු මාරුවක් විතරක් කියලා, මොකද රටට අපිට තිබ්බ ප්‍රශ්න ටික එහෙන්මමයිනේ….. මේක ඡන්දේ දීපු ගොන්නු ටික නියමෙට අන්දලා වගේ වැඩක්.

එහෙම කථාවක් තමයි අද ආශ් කියන්න යන්නේ මේ කෝලම් ටික ආශ් දැක්කේ පහුගියදා ප්‍රවීණ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංගගේ ගුණසමරුව දවසේ.
බොරැල්ල කනත්තට හරි අපුරුවට හොල්මන් පෙන්නපු සෙට් එකක් ඇවිත් හිටියා, ලසන්තව  අමු අමුවේ මරාදමල දැන් අවුරුදු 8 ක්.

මෙතනට එදා ආව  මුදල් ඇමති රවී මහත්තයා එදානන් කිවුවේ මේක කැබිනට් එකේදී අහනවා කියලා. ඉතිං ඇයි දන්නේ නැහැ මෙච්චර කල් ඕක අහන්න කල් ඇරින්නේ අහල දන්නේ නැතුව….

මනෝ ගනේෂන් නම් මංගලත් මොනාදෝ මන්දා හරියට ලැජ්ජා වෙනවා මේ ආණ්ඩුව ගැන කියලා ඔතනදි කියුවා.

හැම තැනම බොරු කිය කිය රටවල් වල කරක් ගහන විදේශ ඇමති කියනවා හැම තැනම පල වුණානේ… සේරම කට මැද දෙඩවිලි වගේ.

මෙයාල බලයට ආවේ මේ සේරම හොරු අල්ලනවා කියලා ඒත් අල්ලපු හොරෙක් නම් තාම නැහැ.

ඒ වගේම ලසන්ත, ප්‍රගීත්ගේ කේස්වල දැන් සැක පිට හිටිය අයත් එළියේ හැමදාම ඔහොම මිනිස්සුන්ව ඇතුලේ තියන් ඉන්න බැහැනේ එක්කෝ වරදකාරයෝ හොයන්න ඕන නැත්නම් එහෙම ඉන්න අය එලියට දන්නා ඕන.

දැන් අපිටත් ප්‍රශ්නයක් හොරු කියන්නේ කාටද කියලා. එයාල මෙයාලට මෙයාල එයාලට හොරු කියා ගන්නවා විතරයි දැනට මේ නාඩගමේ පෙන්න තියෙන්නේ.

මැරුව කිවුවාට හරියට මරපු මිනියක් නැහැ වගේ. මේ මිනීමැරුම ගැන මේ ආණ්ඩුව රාජපක්ෂලාට බනිද්දි හිටපු ජනාධිපති මහින්ද කියුවේ ලසන්ත එයාගේ හොද යාලුවෙක් ඇයි මන් යාලුවෙක් මරන්නේ කියලා එතකොට ගෝඨ කිවුවේ මේ ආණ්ඩුව නැති වැරදි කරුවන් පස්සේ යනවා කියලා.

ගිය පෝයට පන්සල පැත්තේ ගියාම ඕං  අපේ ලොකු හාමුදුරුවෝ කිවුවා පාප මිත්‍රයෝ පිටිපස්සේ ඉදන්  අයිනවා කියලා ඔහොම දේවලුත් තියෙනවා මොකද දැන් මේ රට එච්චරටම ධාර්මික මිනිස්සුන්ගෙන් පිරිලා නිසා.

කොහොම හරි අවුරුදු ගානක් මේවා කතා කරනවා. ලසන්ත පැය 48 කලින් සිරසට ගහනවා එතැනදී ලසන්ත කියන්නේ පාතාලේ මැරකම් නවත්වන්න සියලු දෙනාම එකතු වෙන්න ඕන කියලා.

කොහොම හරි දියවන්නාවේ හැමෝම මේව මග අරිනවා කියලනන් ඕන් අපිටත් දැනෙනවා. දෙයියෝ දනී අපි නොදනී…. අනික කැලේ මාරු වුනාට කොටියාගේ පුල්ලි මාරු වෙලා නැහැ කියලා තමයි අපිට කියන්න වෙන්නේ.

අපිට පක්ෂ පාට නෑ අපි අද මෙහෙම කතා කරන්නේ හෙට දවසේදිවත් ප්‍රජාත්‍රන්තවාදී රටක කොන්ද කෙලින් තියාගෙන ප්‍රතිපත්ති එක්ක යන මාධ්‍යවේදීන්ට තැනක් තිබිය යුතු නිසයි. කොහොම හරි ආශ් මේක මේ අවුරුද්දේ ලියලා මතුසම්බදයි කියලා ඕන් ඉවරයක් කරනවා.

ලසන්ත, ප්‍රගීත්, රවිරාජ් සේරම මෙහෙම අපිට කතා කර කර ඉන්න වේවි. හවුලේ කැදත් එපා කියනවනේ ඒ වගේ දියවන්නාවේ අලි ටික දැන් කුලප්පු වෙලා ඉන්නේ හවුලේ කන දීගේ කාගන්න බැරුව.

දෙපැත්තෙම කට්ටිය බැන දොඩවනවා, ඉන්නවුන් හොදට ඇතුලෙන් කාගෙන් ඉන්න එක ඇරෙන්න නම් වෙන දෙයක් දැන් නෑ. දියවන්නාවේ දැන් තියෙන්නේ ඔලු බක්කෝ නැටිල්ලක් විතරයි.

ඔන්න ඉතිං කොහොමින් කොහොම හරි 2020 දී අලි අලියෙක්ම මේ පෙරහැරට ගේනවා කියන්නේ. ඔය අලියා දල අලියෙක් වෙයිද වල් අලියෙක් වෙයිද නැත්තන් සුදු අලියෙක්ද කියන්න දන්නේ නැහැ, කොහොම හරි ඕක ඔහොම වෙනකොට වේලිලා තියෙන බුලත්කොලෙත් මොන විජ්ජුම්බරයක් අල්ලයිද දන්නේ නැහැ.

ඔය නෙයියාඩගම් එක්ක අපිට හැමදාම මෙහෙම මේවා බල බල ඉන්න තමයි වෙන්නේ. සේරම එක්ක අන්තිමට කලකිරුණු රටක් එක්ක මඩේ ඉන්න ජාතියක් තමයි මේ වල්මත් වෙච්ච දේශපාලනයෙන් වෙන්නේ නැද්ද මන් අහන්නේ….

ඕන් මන් ගියා එහෙනන් ආයේ එනකන් ලැබූ මේ 2017 වසර හැමෝටම දුකක් කරදරයක් නැති නිදුක් නිරෝගීම වසරක් වෙන්න ඕනි…..

මම දියවන්නාවට උඩින් ඉන්න ආෂ්