Home News Business එලොව පොල් පෙනෙන මෙලොව පොල් මිල

එලොව පොල් පෙනෙන මෙලොව පොල් මිල

182 views
SHARE

පොල් ගෙඩියක මිල රුපියල් 50 සිට 70 – 80 ත් අතර මිලක් දක්වා ඉහළ ගොස් තිබෙන බවත් මීට අමතරව පොල්තෙල් ලීටරයක මිල රුපියල් 270 – 280 ත් දක්වාත් ඉහළ ගොස් තිබෙන බවත් පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය පවසනවා.

පොල් මිල ඉහළ යෑම නිසා පොල් ගෙඩිය දෙකට බෙදා විකිණීමට හා පොල් ගා කුඩා පැකට්වලට දමා විකිණීමටද වෙළෙඳ සැල් හිමියන් කටයුතු කරන බව එම සංගමයේ සභාපති රංජිත් විතානගේ පවසනවා..

වැඩිදුරටත් අදහස් දක්වන සභාපතිවරයා පවසන්නේ මේ නිසා පොදු ජනතාවට අමතරව, ආපන ශාලා හා ආහාර සැකසුම් කරන්නන්ද දැඩි අසරණ තත්ත්වයකට පත්ව සිටින බවත් මේ නිසා පොල් ඉඩම් කට්ටි කර විකුණා දැමීම සම්පූර්ණයෙන්ම තහනම් කරන ලෙසට හා පොල් ගස් කැපීම සම්පූර්ණයෙන්ම තහනම් කරන ලෙසට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගෙන් ඉල්ලා සිටින බවද කියා සිටියා.

මීට අමතරව සමහර සමාගම් මෙරට පොල්වලින් පිටි සකස් කර සහ කිරි වශයෙන් සකස් කර විදේශීය වෙළෙඳ පොළට නිකුත් කරමින් සිටින බවත්, මේ නිසා පොල් මිල සාමාන්‍ය තත්ත්වයට පත්වනතුරු එම කටයුතුද තාවකාලිකව නවතා දමන ලෙසටත්, කොප්පරා වශයෙන් විදේශගත කිරීමද තාවකාලිකව නවතා දමන ලෙසත් එම සංගමය ඉල්ලා සිටිනවා.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site