Home News Business බත්තරමුල්ල වැල්ලවත්ත බෝට්ටු සේවය

බත්තරමුල්ල වැල්ලවත්ත බෝට්ටු සේවය

168 views
SHARE

බත්තරමුල්ල දියත උයනේ සිට වැල්ලවත්ත දක්වා ඇළ මාර්ග ඔස්සේ බෝට්ටු සේවයක් ආරම්භ කිරීමට තීරණය කළ බව ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවේ සභාපති අසේල ඉද්දවිල පවසනවා.

මාර්ග තදබදය නිසා මෙම සේවය ආරම්භ කළ බවත් පැකේජ තුනක් යටතේ දේශීය හා විදේශීය සංචාරකයින්ට මෙහි ගමන් කළ හැකි බවත් ඔහු පෙන්වා දෙනවා.

ඇළ මාර්ගය දෙපස අඳුන් දිවියන්, කිඹුලන් හා මෙරට ආවේණීක කුරුල්ලන් ඇතුළු සතුන් සිටින බව කී සභාපතිවරයා මේ වසර අවසානයේදී මෙම ව්‍යාපෘතිය ආරම්භ කරන බවද සඳහන් කරනවා.

ඔහු වැඩිදුරටත් සදහන් කලේ මහා නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යංශය හා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාව මෙම සේවය ආරම්භ කරන බවයි.