Home News Breaking ජනමාධ්‍ය ලේකම් බෝපගේ සමුගන්න සුදානම්

ජනමාධ්‍ය ලේකම් බෝපගේ සමුගන්න සුදානම්

229 views
SHARE

ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් ධූරයේ තමන්ට සිටිය හැකි වන්නේ තවත් දින කීපයක් පමණක් යැයි හැඟෙන බව පාර්ලිමේන්තු කටයුතු හා ජනමාධ්‍ය අමත්‍යංශයේ ලේකම් නීතිඥ නිමල් බෝපගේ අද (16) පැවසුවා

නිමල් බෝපගේ මෙසේ පැවසූයේ රූපවාහිනි සංස්ථාවේ නව අධ්‍යක්ෂක ජනරාල්වරයා වැඩභාර ගැනීමේ උත්සව අවස්ථාවට සහභාගී වෙමිනි.

‘රවි ජයවර්ධන කිව්වා මේ ආයතනයේ කළුකෝට් කාරයෝ වැඩියි කියලා. ඒකට දැන් විසඳුමක් ඇවිත් තිබෙනවා. ඔබ කියවූ නම් අතර නොකියවුණු මේ කළුකෝට් කාරයා තව නොබෝ දිනකින් නික්ම යාමට සූදානම්.
තුසිර මැලෙව්වේතන්ත‍්‍රී මේ ආයතනයේ අධ්‍යක්ෂත ජනරාල් තනතුරට පත්වීම ගැන මා සතුටු වන අතරේ මට තිබෙන දුක එතුමාට අත්වැලක් වන්නට තිබෙන කාලය අඩුවීමයි. මට තවත් ඉතිරිව තිබෙන්නේ දීන කීපයක් පමණක් බව මට හිතෙනවා. ඒ නිසා මේක මට සතුටු දායක වගේම කනගාටුදායක අවස්ථාවක්. ඒක ඇතැමුන්ට සතුටක්ද ඇතැමුන්ට දුකක්ද විය හැකියි. ජීවිතයේ තිබෙන්නේ යෑම් සහ ඒම් පමණක් කියා කියමනක් තිබෙනවා. ඒ නිසා මේකට අපිට මුහුණ දෙන්නම සිදුවෙනවා‘ යැයි ද නිමල් බෝපගේ එහිදී පැවසිය