Home C Gossip දරුපල ලබාදීමට කාන්තාවගේ ළමැදේ හා රහස්‌ ප්‍රදේශයේ තෙල් ගා කපුවාත් නිරුවත් වෙයි

දරුපල ලබාදීමට කාන්තාවගේ ළමැදේ හා රහස්‌ ප්‍රදේශයේ තෙල් ගා කපුවාත් නිරුවත් වෙයි

3,096 views
SHARE

කළුකුමාර දිෂ්ඨිය ඉවත්කොට කාන්තාවකට දරුපල ලබාදීමට අමුතුම ආකාරයක පූජාවක්‌ කිරීමට සැරසුණු නාගොල්ලාගොඩ ප්‍රදේශයේ දේවාලයක කපුවකු බිංගිරිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පසුගිය දිනෙක හල්මිල්ලවැව ගනේගොඩ ප්‍රදේශයේ නිවසක පූජාවකට සහභාගි වූ මෙම කපුවා හමු වූ එම ප්‍රදේශයේ 34 හැවිරිදි විවාහක කාන්තාවක්‌ තමාට දරුපල නොමැති අතර කළයුතු පුද පූජාවන් පිළිබඳව කරන ලද විමසුමකට අනුව පසුගිය 13 වැනි දින නාගොල්ලාගොඩ පිහිටි තම දේවාලයට සවස්‌ කාලයේ නා පිරිසිදු වී අවශ්‍ය තෙල්මල් පූජා වට්‌ටි ද රැගෙන එන ලෙස දන්වා තිබෙන බව සඳහන්.

ඒ අනුව සැමියාත් සමඟ එදින සවස දේවාලය වෙත ගොස්‌ ඇති අතර සැමියා එළියේ නවතා තැබූ කපුවා බිරිඳව අදාළ ශාන්තිකර්මය කිරීමට දේවාලය තුළට රැගෙන ගොස්‌ ඇති බව වාර්තා වනවා.

දේවාලය තුළ තිර තුනක්‌ ඇතුළට කැඳවා ගිය ආතුර කාන්තාවගේ ළමැදේ තෙල් ගැල්විය යුතු බව පවසා උඩුකය නිරුවත් කොට කපුවා විසින් තෙල් ආලේප කොට පසුව කාන්තාවගේ රහස්‌ ප්‍රදේශවල ද තෙල් ආලේප කොට කපුවාද නිරුවත් වී තිබෙනවා.

අදාළ අලුත්ම පූජාව ගැන බිය පත්වූ කාන්තාව දේවාලයෙන් එළියට පැන සැමියා සමඟ ගොස්‌ බිංගිරිය පොලිසියට පැමිණිලි කල බවයි වාර්තා වන්නේ.

සැකකාර කපුවා අත්අඩංගුවට ගැනීම සඳහා නිලධාරීන් එම දේවාලයට යැමත් සමඟ කපුවා පලාගොස්‌ ඇති අතර නැවත ඊයේ (14) දිනයේදී බිංගිරිය පොලිසියට බාර වී තිබෙනවා.