Home News Breaking සීමා නීර්ණ අභියාචනා කමිටු වාර්තාව අද ගැසට් පත්‍රයට

සීමා නීර්ණ අභියාචනා කමිටු වාර්තාව අද ගැසට් පත්‍රයට

173 views
SHARE

සීමා නීර්ණය අභියාචනා විමර්ශන කමිටු වාර්තාව අද දින ගැසට් කිරීමට පියවර ගන්නා බව පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය පවසයි.

එහි ලේකම් කමල් පත්මසිරි සඳහන් කළේ, ඉංග්‍රීසි මාධ්‍ය සංශෝධන 300කට ආසන්න සංඛ්‍යාවක්, ද්‍රවිඩ මාධ්‍ය සංශෝධන 500කට ආසන්න සංඛ්‍යාවක් සහ සිංහල මාධ්‍ය සංශෝධන ද සිදු කර ඇති බව යි .

මෙම සංශෝධන සම්බන්ධයෙන් සීමා නීර්ණ අභියාචනා විමර්ශන කමිටුවේ සභාපතිවරයා ද එකඟ වීමෙන් අනතුරුව අද දින ගැසට් කිරීම සඳහා රජයේ මුද්‍රණාලාධිපති වෙත භාරදෙන බව ඔහු සඳහන් කළා.

සීමා නීර්ණ අභියාචනා විමර්ශන කමිටු වාර්තාව පසුගියදා එහි සාමාජිකයින් විසින් විෂය භාර අමාත්‍යවරයාට භාර දෙනු ලැබී ය.