Home News Breaking මුස්ලිම් කාන්තා විද්‍යාලයේ සිසුවිය පාසලේ ගුවන් පාලමෙන් පැන්න හේතුව

මුස්ලිම් කාන්තා විද්‍යාලයේ සිසුවිය පාසලේ ගුවන් පාලමෙන් පැන්න හේතුව

181 views
SHARE

බම්බලපිටිය, මුස්ලිම් කාන්තා විද්‍යාලයේ 10 වන ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ සිසුවියක් එම පාසලේ ගුවන් පාලමෙන් මහා මාර්ගයට පැන තිබෙනවා.

දෙමාපියන් පවසන්නේ පාසලේ ශිෂ්‍ය නායකයින් දෙපළක් සොරකමක් සම්බන්ධයෙන් සිය දියණියට සිදුකළ මානසික බලපෑමක් මෙම සිදුවීමට හේතු වී ඇති බවයි.

මෙම ගුවන් පාලම පිහිටා ඇත්තේ පාසලේ ද්විතීයික අංශයත්, ප්‍රාථමික අංශයත් සම්බන්ධ කරමින්.

සිසුවිය පසුගිය බදාදා පාසලේ පිහිටි ගුවන් පාලමෙන් පැන ඇති අතර අනතුරින් ඇයගේ අතක්, දකුණු කකුළේ ඇඟිල්ලක් සහ ඉල ඇට බිඳීමට ලක්ව ඇති බව කළුබෝවිල ශික්ෂණ රෝහලේ වෛද්‍යවරුන් සඳහන් කළා.

ඇය මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට ද නියමිත බවයි වාර්තා වන්නේ