Home News Breaking භුගත ජලය කොල්ලකන නයිවල පෞද්ගලික ආයතනයක්

භුගත ජලය කොල්ලකන නයිවල පෞද්ගලික ආයතනයක්

127 views
SHARE

ජලය විකිණීම සදහා නල මාර්ගයෙන් මහා පරිමාණයෙන් ජලය ඇද ගැනීම මත මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් ප්‍රදේශ කිහිපයක ළිං සහ දිය උල්පත් විශාල සංඛ්‍යාවක් සිදී ගොස් ඇතැයි වාර්තා වනවා.

උඩුගම්පොළ වතුමුල්ල පේඩිපොළ,දොරණාගෙඩ,දෙවලපොළ,ගල්ලේගෙදර යන ප්‍රදේශ මෙම උග්‍ර ජල හිගයට මුහුණපා තිබෙන බව සඳහන්.

නයිවල ප්‍රදේශයේ ආයතනයක් මගින් සිදු කරන මෙම අසාධාරණ ජල කොල්ලයට එරෙහිව ප්‍රදේශවාසීන් අදාල අංශ දැනූවත් කළද ඒ සදහා කිසිදු ප්‍රතිචාරයක් ලැබි නොමැති බවයි වාර්තා වන්නේ.

මේ තත්වය යටතේ මෙම ප්‍රදේශ වල භුගත ජලය සිදී යාමෙන් ළිං ඇලදොල සිදීගොස් කාන්තාර තත්වයක් මතුවීම මුල්කොට ප්‍රදේශවාසීහූ පසුගිය දා එම ව්‍යාපාරික ස්ථානය ඉදිරියේ  උද්ඝෝෂණයක් ද කර තිබෙනවා.