Home News International ඉරාකයේ කාර් බෝම්බ ප්‍රහාරයකින් 60 ක් ජීවිතක්‍ෂයට

ඉරාකයේ කාර් බෝම්බ ප්‍රහාරයකින් 60 ක් ජීවිතක්‍ෂයට

145 views
SHARE

ඉරාකයේ බැග්ඩෑඩ් නගරයට එල්ල වූ කාර් බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලයින් 60 දෙනෙකු ජීවිතක්‍ෂයට පත්වුණා.

ප්‍රහාරයෙන් තවත් පුද්ගලයින් 69 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බවයි බැග්ඩෑඩ් රෝහල් වාර්තා සඳහන් කලේ.

හෙයි අල් ෂර්තා දිස්ත්‍රික්කයේ මෝටර් රථ අලෙවි මධ්‍යස්ථානයක් ඉලක්කර කරගෙන ප්‍රහාරය එල්ල කර තිබෙනවා.

එම අවස්ථාවේදී මෝටර් රථ අලෙවි මධ්‍යස්ථානයේ විශාල පිරිසක් සිටි බව ද වාර්තා වනවා.

ප්‍රහාරයේ වගකීම අයි එස් ත්‍රස්තයින් භාරගෙන තිබෙන බව විදෙස් පුවත් අනාවරණ කළා.