Home C Gossip පුත්තලමේ පොලිස් ලොක්කො විල්පත්තු රක්ෂිතයේ දඩයමේ ගිහින් මාට්ටු

පුත්තලමේ පොලිස් ලොක්කො විල්පත්තු රක්ෂිතයේ දඩයමේ ගිහින් මාට්ටු

293 views
SHARE

විල්පත්තු රක්ෂිතයේ දඩයමේ ගිය බව කියන  10 දෙනෙකු අත් අඩංගුවට ගත් බව විල්පත්තු වන ජීවී කාර්යාලය සඳහන් කරනවා.

අත්අඩංගුවට ගත් පිරිස අතර පුත්තලම පොලිස් කොට්ඨාශයේ විශේෂ අපරාධ විමර්ශන අංශයේ (එස්.සී.අයි.බී) කටයුතු කරන උසස් පොලිස් නිලධාරියකු සහ උප පොලිස් පරීක්ෂකවරයකු ද සිටින බවයි වනජීවී කාර්යාල ආරංචි වැඩි දුරටත් සඳහන් කලේ.

ජීව පතොරොම් 12, ඩබල් බැරල් ගිනිඅවියක් ඇතුලු උපකරණ කිහිපයක් ද සොයා ගැනීමට වනජීවී නිලධාරීන් සමත් වුණා.

කිලෝ ග්‍රෑම් 20 කට වැඩි බරින් යුත් කිරිඉබ්බන් දෙදෙනෙකු ද වනජීවී නිලධාරීන්ට හමුවූ බව සඳහන්.

විල්පත්තු  වනජීවී  කාර්යාලයට  අනුබද්ධ එළුවන්කුලම කාර්යාලයේ නිලධාරින්  පොම්පරිප්පුව  ප්‍රදේශයේදී මෙම වැටලීම සිදු කර තිබෙනවා.