Home News Breaking පොලීසියේ 5 ක් රිමාන්ඩ්වූ හේතුව මෙන්න

පොලීසියේ 5 ක් රිමාන්ඩ්වූ හේතුව මෙන්න

268 views
SHARE

පෑළියගොඩ පොලිස් අත්අඩංගුවේ සිටි සැකකරුවෙකු මිය යාමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරීන් 5 දෙනා ලබන 6 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේනවා .

පොලිස් මූලස්ථානය පැවසුවේ, සැකකරුවන් ඊයේ අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කළ බව යි .

සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කෙරුණේ, උප පොලිස් පරීක්ෂකවරයෙකු හා කොස්තාපල්වරුන් සිව් දෙනෙකි.

මේ අතර අදාළ සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ පොලිස් කණ්ඩායමක් පරික්ෂණ ආරම්භ කර ඇති බව පොලිස් මුලස්ථානය පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි පැවසුවේ, පොලිස්පතිවරයාගේ පෞද්ගලික අධීක්ෂණයට යටත්ව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු යටතේ එම පරීක්ෂණ සිදුකෙරෙන බව ය.

පොලිස් අත්අඩංගුවේ සිටියදී එලෙස ජීවිතක්ෂයට පත් වූයේ, බියගම මාබිම රක්ගවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි 41 හැවිරිදි චදික් ශ්‍යාමන් වික්‍රමාරච්චි නමැති පුද්ගලයෙකි.

වයස අවුරුදු 7ක පුතෙකු‍ගේ සහ මාසයක් වයසැති දියණියකගේ පියෙකු වූ ඔහු බියගම රක්ගහවත්ත ප්‍රදේශයේ පදිංචි කුලී රථ පැදවීම රැකියාව ලෙස කළ අයෙකි.

පසුගිය 25 වනදා රාත්‍රියේ පෑළියගොඩ පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකු පැමිණ ඔහු රැගෙන විත් ඇත්තේ, ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා අවශ්‍ය බව පවසමිනි.

පසු දා උදෑසන පවුලේ ඥාතීන් පෑළියගොඩ පොලීසිය වෙත යාමට සූදානම් වෙද්දී ‍පවුලේ හිතවතෙකු ඔවුන්ට දැනුම් දී ඇත්තේ, චදික් අදාළ පොලිස් ස්ථානයේ නෙමැති බව ය.

පසුව අදාළ තරුණයා කොළඹ ජාතික ‍රෝහල වෙත රැගෙන ගොස් ඇති බව පවුලේ ඥාතින්ට දැනගන්නට ලැබී තිබේ.

අවසානයේ පවුලේ ඥතීන්ට ඔහුගේ සිරුර දැක ගන්නට ලැබෙන්නේ, කොළඹ පොලිස් මෝචරියේ දි ය.
සැකකරු පොලීසිය තුළදී රෝගී වී ඇති බවත් පසුව ඔහු ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගොස් ඇති බව ත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ, මංකොල්ල කෑම්වලට සම්බන්ධ සැකකරුවෙකු සිදුකළ ප්‍රකාශයක් අනුව මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති බව ය.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site