Home News Breaking සඟවා තිබු සහල් තොගයක් අල්ලයි

සඟවා තිබු සහල් තොගයක් අල්ලයි

196 views
SHARE

පිටකොටුව ප්‍රදේශයේ ව්‍යාපාර ස්ථාන කිහිපයක සඟවා තිබු සහල් කිලෝග්‍රෑම් 42,000කට අධික තොගයක් පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් විසින් සොයාගෙන තිබේනවා .

කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් පවසන්නේ පිටකොටුව ප්‍රදේශයේ ව්‍යාපාරික ස්ථාන 3ක තිබී සහල් කිලෝග්‍රෑම් 42,100ක තොගයක් මෙලෙස සොයාගත් බවයි .

සහල් සඳහා උපරිම මිලක් නියම කිරීමෙන් පසු වැඩි මිලට සහල් අලෙවි කරන සහ සහල් තොග සඟවාගෙන සිටින ව්‍යාපාරික ස්ථාන සොයා පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් මේ වන විට අඛණ්ඩ මෙහෙයුම්වල නිරතව සිටීයි .

ඒ අනුව මේ දක්වා වැටලීම් 2064ක් සිදුකර ඇති අතර ව්‍යාපාරික ස්ථාන 1367කට එරෙහිව නීතිමය පියවර ගෙන ඇති බව පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියේ සභාපති හසිත තිලකරත්න පවසයි.

ගත වු පැය 48 තුළ පමණක් ව්‍යාපාරික ස්ථාන 260ක් පරික්ෂාවට ලක්කර ඇති අතර එහිදී වැඩි මිලට සහල් අලෙවි කළ ව්‍යාපාරික ස්ථාන 87ක් සොයාගැණුනු බව හසිත තිලකරත්න සඳහන් කළා

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site