Home News International කොකා කෝලා – පෙප්සි තහනම් කරයි

කොකා කෝලා – පෙප්සි තහනම් කරයි

391 views
SHARE

කොකා කෝලා සහ පෙප්සි අලෙවිය තහනම් කර දේශීය නිෂ්පාදනවලට තැනදීමට තමිල්නාඩුවේ වෙළඳ සංගම් පියවර ගෙන තිබෙනවා.

තමිල්නාඩුවේ ප්‍රධාන වෙළඳ සංගම් දෙකක් විසින් යෝජනා කරන ලද මෙම තහනම ඊයේ සිට ක්‍රියාත්මක වනවා.

මෙම වෙළඳ සංගම් පවසන්නේ දැඩි නියං සමයක් පවතිද්දී සිසිල්බීම නිෂ්පාදකයන් පමණට වඩා ගංගාවලින් ජලය ලබා ගන්නා බවයි.

එමගින් ගොවියන් දැඩි දුෂ්කරතාවකට පත්කරවන බවට ඔවුන් චෝදනා කරනු ලබනවා.

කොකා කෝලා සහ පෙප්සි තහනම තමිල්නාඩුවේ වෙළෙඳසල් දස ලක්ෂයකට පමණ බලපැවැත්වෙනවා.

මෙම තහනම අවන්හල් සහ හෝටල් තුළද ක්‍රියාත්මක කරන ලෙසට තමිල්නාඩුවේ ප්‍රධාන වෙළඳ සංගම් බලවත් ඉල්ලීමක් කර තිබෙන බවයි වාර්තා වන්නේ.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site