Home News Breaking ගල්කිස්ස අධිකරණ භූමියෙන් ගිනි අවි සොයාගැනීමත් සමග සැකපිට 20 අත්අඩංගුවට

ගල්කිස්ස අධිකරණ භූමියෙන් ගිනි අවි සොයාගැනීමත් සමග සැකපිට 20 අත්අඩංගුවට

282 views
SHARE

ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණ භූමියේ දී ගිනි අවි සහ උණ්ඩ සොයාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයින් 20 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි සඳහන් කළේ අධිකරණ භූමියේ රැදී සිටි පුද්ගලයින් 09 දෙනෙකු සහ අදාළ සිදුවීම වන අවස්ථාවේ අධිකරණ භූමියට පැමිණි පුද්ගලයින් 11 දෙනෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අතරින් 16 දෙනෙකු රත්මලාන , වැටකෙයියාවත්ත ප්‍රදේශයේ පදිංචි පුද්ගලයින් බවත්, ඉන් එක් පුද්ගලයෙකු විසින් අධිකරණ භූමියට ගිනි අවි රැගෙනවිත් ඇති බවට තොරතුරු අනාවරණව වී තිබෙන බව පොලිසිය සඳහන් කළා.

ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණ භූමියේ බෑගයක දමා තිබියදී පිස්තෝලයක්, රිවෝල්වරයක් ඇතුළු එම ගිනි අවි සඳහා යොදාගන්නා උණ්ඩ 10ක් ඊයේ(01) පෙරවරුවේ පොලීසිය විසින් සොයාගනු ලැබුවා.

එම ගිනි අවි වෙඩි තැබීම සඳහා සූදානම් තත්ත්වයේ තිබී ඇති බවට පොලීසිය සිදුකළ විමර්ශන වලින් අනාවරණය වී තිබෙන බව සඳහන්.

සොයාගන්නා ලද ගිනි අවි දෙක ඇඟිලි සළකුණු දත්ත වාර්තා ලබාගැනීමට සහ විද්‍යාත්මක පරීක්ෂණයන්ට ලක් කිරීම සඳහා අපරාධ වාර්තා කොට්ඨාශයට භාර දී තිබෙන බවයි පොලිසිය වැඩි දුරටත් සඳහන් කලේ.

 

cnews gossip site

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site