Home News Breaking ලංකා විදුලිබල මණ්ඩලයේ වැටලීම්වලින් මිලියන 132කට අධික ආදායමක්

ලංකා විදුලිබල මණ්ඩලයේ වැටලීම්වලින් මිලියන 132කට අධික ආදායමක්

173 views
SHARE

ලංකා විදුලිබල මණ්ඩලයේ විශේෂ විමර්ශන ඒකකය මඟින් 2016 වසරේදී නීති විරෝධී ලෙස විදුලිය ලබාගත් පුද්ගලයින් 2617 දෙනෙකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කර තිබෙනවා.

විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටියගේ උපදෙස් පරිදි මෙම වැටලීම් සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

විදුලි මීටර් වෙනස් කර විදුලිය ලබාගැනීම සම්බන්ධ සිද්ධීන් 2105ක් ද, කොකු යොදා අනවසර ලෙස විදුලිය ලබාගැනීමේ සිද්ධීන් 512ක් ද 2016 වසර තුළ අනාවරණය වී තිබෙන බව සඳහන්.

එම වැටලීම්වලින් රුපියල් මිලියන 132කට අධික ආදායමක් උපයාගෙන ඇති බව වාර්තා වන්නේ.

වංචනික විදුලි පරිහරණයන් සම්බන්ධයෙන් තොරතුරු වෙතොත් 0112 422 259 දුරකථන අංකයට හෝ 1901 සහ 1987 ක්ෂණික දුරකථන අංකවලට දැනුම් දෙන ලෙසද විදුලිබල හා පුනර්ජනනීය බලක්ති අමාත්‍යංශය ජනතාවගෙන් ඉල්ලීමක් කරනු ලබනවා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site