Home News Breaking වෙඩි තැබීම සම්බන්ධව සයිටම් ලොක්කා කතා කරයි

වෙඩි තැබීම සම්බන්ධව සයිටම් ලොක්කා කතා කරයි

185 views
SHARE

මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය සමීර සේනාරත්න ඊයේ මාධ්‍යයට අදහස් පල කළේ මෙහෙමයි .

“වෙඩි තැබීම සම්බන්ධව මම කිසිම දෙයක් දන්නේ නැහැ.මම කිසිම සැලසුමක් කළෙත් නැහැ මෙම වෙඩි තැබිම සම්බන්ධ අය දැනට පොලිසියේ අත්අඩංගුවේ පසුවෙනවා. මම එම පුද්ගලයාවත් පෞද්ගලිකව හෝ කිසිම ආකාරයෙන් අඳුරන්නේ නැහැ. මම හිතනවා පොලිස් නිලධා‍රී මහත්වරුන් මේ සම්බන්ධව පරීක්ෂණ පවත්වන අය මේ සම්බන්ධව සැක කටයුතු පුද්ගලයින් ඉතාමත් ඉක්මනින් අත්අඩංගුවට අර ගනියි කියලා. ඉදිරියට පත්වන පරීක්ෂණ කටයුතු සදහා මගේ සම්පූර්ණ සහයෝගය දෙන්න මම බලාපොරොත්තු වෙනවා.මොකද හේතුව මම නිර්දෝෂිය ‍මේ සම්බන්ධයෙන් කිසිම දෙයක් මම දන්නෙත් නැහැ. මේ වෙලාවේ මගේ තත්ත්වය වට්ටන්න මාව මාව වට්ටන්න මාව බය කරන්න සංවිධානාත්මකව මොනවහරි දෙයක් කරන්න අවස්ථා‍වේදී උත්සහයක් සිදුවෙමින් පවතිනවා. මේ සිදුවීම හරහා සයිටම් ආයතනයටත් ලොකු බලපෑමක් වේගෙන යනවා ප්‍රධාන විධායක නිලධාරීකමෙන් මම තාවකාලිකව ඉල්ලා අස්වෙන්න තීරණය කළා. මම රුසියාවේ නීෂ්ඩි නෞගෝරා රාජ්‍ය වෛද්‍ය පීඨයේ උපාධිය ලැබුව කෙනෙක්. කිසිම දවසක මම විභාග අසමත් වෙලා නැහැ. මේ තියෙන්නේ මම ලබාගත් උපාධියයි එම උපාධිය ශ්‍රී ලංකා වෛද්‍ය සභාව පමණක් නෙමෙයි මුළු ලොවම පිළිගත් උපාධියක් තමයි මම ලබාගත්තේ. එම් ඩී වෛද්‍ය උපාධිය තියෙන වෛද්‍යවරයෙක් මම. ශ්‍රී ලංකා වෛද්‍ය සභාවත් පිළි අරගෙන තියෙනවා වෛද්‍යවරයෙක් විදියට.එතනින් එහාට ඔය අනිත් මිනිස්සු කියන කතාවල් මට ප්‍රශ්නයක් නැහැ”

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site