Home News Breaking කටාර්හිදී ඇඳුම්වල සඟවා මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වූ ශ්‍රී ලාංකිකයෙකු කොටු

කටාර්හිදී ඇඳුම්වල සඟවා මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වූ ශ්‍රී ලාංකිකයෙකු කොටු

303 views
SHARE

මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වූ ශ්‍රී ලාංකිකයෙකුට කටාර්හිදී වසර තුනක සිරදඞුවමක් නියම වී තිබෙනවා.

මරිජුවානා නමැති මත්ද්‍රව්‍ය අලෙවි කළ බවට සැකපිට එරට මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් මෙම ශ්‍රී ලාංකිකයා අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු ඇඳ සිටි ඇඳුම්වල සඟවා තිබූ මත්ද්‍රව්‍ය සොයා ගත් බව සඳහන්.

වැඩිදුර පරීක්ෂා කිරීම්වල දී අදාළ ශ්‍රී ලාංකිකයා නවාතැන් ගෙන සිටි ස්ථානයේ තිබී තවත් මත්ද්‍රව්‍ය වර්ග සොයාගෙන ඇති අතර සැකකරු එම මත්ද්‍රව්‍ය භාවිත කර ඇති බවට ද සිදුකළ රුධිර පරීක්ෂණයකින් අනාවරණය වී තිබෙනවා.

ඒ අනුව දෝහාහී අපරාධ අධිකරණයක් වෙත ඉදිරිපත් කළ අදාළ ශ්‍රී ලාංකිකයාට නීති විරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීම සහ භාවිතය සම්බන්ධයෙන් වසර තුනක සිරදඞුවමක් සහ කටාර් රියාල් ලක්ෂ දෙකක දඩයක් නියම කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කලේ.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site