Home News Breaking ත්‍රිපෝෂ අතිරික්තය සුපෝෂ ලෙසින් වෙළඳපොළට

ත්‍රිපෝෂ අතිරික්තය සුපෝෂ ලෙසින් වෙළඳපොළට

307 views
SHARE

ශ්‍රී ලංකා ත්‍රිපෝෂ සමාගමේ නව නිෂ්පාදනය වන සුපෝෂ වෙළඳපොළට හඳුන්වාදීම අමාත්‍ය රාජිත සේනාරත්නගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරුණා.

කඳානේ පිහිටි ශ්‍රී ලංකා ත්‍රිපෝෂ සමාගමේ නිෂ්පාදන කර්මාන්ත ශාලාව නවීකරණය කිරීමට පියවර ගනු ලැබුවා.

එහි ත්‍රිපෝෂ නිෂ්පාදනයේ අතිරික්තය සුපෝෂ ලෙසින් වෙළඳපොළට හඳුන්වාදීමටයි පියවර ගැනුණේ.

එම සමාගමේ නිෂ්පාදන ධාරිතාව මෙට්‍රික්ටොන් එක්දහස් අටසියයේ සිට දෙදහස් හත්සියය දක්වා වැඩි කිරීමට හැකිවූ බව අමාත්‍ය රාජිත සේනාරත්න මෙහිදී ප්‍රකාශ කළා.

ත්‍රිපෝෂ නිෂ්පාදනය සඳහා වාර්ෂිකව තිරිඟු මෙට්‍රික්ටොන් විසිදහසක්, සෝයා ඇට මෙට්‍රික්ටොන් දසදහසක් හා සම්පූර්ණ යොදය සහිත කිරි මෙට්‍රික්ටොන් දසදහසක් ගොවීන්ගෙන් ලබාගන්නා බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් කියාසිටියා.

සුපෝෂ වෙබ් අඩවිය විවෘත කිරීම හා අලෙවි නියෝජිතයින්ට සහතික පත් ප්‍රදානය ද මෙහිදී සිදුවුණා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site