Home News Breaking දඹුල්ල රෝහලේ මවුවරුන්ට බලහත්කාරයෙන් උපත් පාලන උපකරණ සවි කරයි

දඹුල්ල රෝහලේ මවුවරුන්ට බලහත්කාරයෙන් උපත් පාලන උපකරණ සවි කරයි

328 views
SHARE

දින කීපයක සිට දඹුල්ල මුලික රෝහලේ ගැබිණි වාට්ටුවේ දරු ප්‍රසුතියෙන් පසු රෝහලෙන් පිටව යන මව් වරුන්ට බලහත්කාරයෙන් උපත් පාලනය කරන උපකරණයක් ශරීරයට සවි කරන බවත් උපකරණය සවි කිරීමට අකමැති මව් වරුන්ට නිවෙස් වලට යාමට නොදී දින ගණන් රෝහලේ වාට්ටු තුළ අලුත උපන් දරුවාද සමඟ බලහත්කාරයෙන් රදවා ගන්නා බව ද වාර්තා වනවා.

එමෙන්ම ඇතැම් මව්වරුන්ට මෙම උපත් පාලන උපකරණය සවි නොකරීම නිසා දරුවාගේ උප්පැන්න සහතික ලියන පෝරමය පවා නොදෙන බවයි මව්වරු සඳහන් කරන්නේ.

දඹුල්ල රෝහලේ මෙලෙස බලහත්කාරයෙන් සිදු කරගෙන යන උපත් පාලන ක්‍රමය පිළබදව පියවරුන් ලිඛිතව රෝහල් බලධාරීන් දැනුවත් කර ඇති බවද වාර්තා වනවා.

මේ පිළිබධව දඹුල්ල රෝහලේ වෛද්‍ය අධිකාරි චාල්ස් නුගවෙල කියා සිටියේ පැමිණිල්ලක් ලැබී ඇති බවත් වහාම ඒ ගැන පරීක්ෂණයක් සිදු කරන බවත්ය.

එමෙන්ම රෝගීන්ගේ අකමැත්තෙන් එවැනි ප්‍රතිකාර කිරීමට නොහැකි ද ඔහු පවසා සිටියා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site